ජෝං මාමා ලේලි පවිත‍්‍රා හමුවේ පරාජය පිලිගනී.. කං කඩාගෙන පාන්දරම අලූත් කතාවක් කියයි..

October 9, 2016 at 9:20 am | lanka C news
ජෝං මාමා ලේලි පවිත‍්‍රා හමුවේ පරාජය පිලිගනී.. කං කඩාගෙන පාන්දරම අලූත් කතාවක් කියයි..

ඊයේ රත්නපුරයේ පැවති ඒකාබද්ද විපක්‍ෂ ජන රැළියට සහභාගී වූ අයට විනය පරීක්‍ෂණ පැවැත්වීමක් උවමනා නැතැයි කම්කරැ ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

තම අදහස නම් ශ‍්‍රිලනිපය දෙකඩ නොවී තව දුරටත් එක්ව කටයුතු කිරීම බවද පවසන ඇමතිවරයා ශ‍්‍රීලනිප විපක්‍ෂයේ සිටින මන්ත‍්‍රීවරැන්ට පක්‍ෂය විවේචනය නොකර ආණ්ඩුව විවේචනය කිරීමේ හැකියාව ඇතැයිද සදහන් කරයි.

ඊයේ ජන රැළියේදී තමනටද දොස් කියා ඇති බවද කී ඔහු තමන් කල පැහැදිලි කිරීම විකෘති කරලා ලොකුවට ගෙන ගොස් ඇතැයිද කියි සිටියේය.

සීවලී පිටිය ජනාධිපතිට හැර වෙනත් රැස්වීම්වලට නොදෙන්න නගර සභාව පසුගියදා යෝජනා සම්මත කර ඇතැයිද කී ඇමති සෙනෙවිරත්න තමන් මාධ්‍ය හමුවේ කියා සිටියේ එය බවද අවධාරණය කරයි.

51 views
Main News