ජෝතිපාලගේ ගීත හොරෙන් ගයලා.. ජෝතිපාල පවුල මේරියන්ස් නලින්ට නඩු දමයි..
December 11, 2017 at 3:26 am | lanka C news
අභාවප්රාප්ත ගායන ශිල්පී එච් ආර් ජෝතිපාල මහතාගේ ගීත මේරියන් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා විසින් අනවසරයෙන් ගායනය කලේ යයි පවසමින් ඔහුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරනයේ නඩු පවරා ඇත.
ජෝතිපාල මහතාගේ බිරිද හා දරුවන් විසින් ගොනු කර ඇති මෙම නඩුවෙන් ඉල්ලා ඇත්තේ රුපියල් කෝටියක වන්දි මුදලක් නලින් පෙරේරා මහතාගෙන් ලබාදෙන ලෙසයි.
ඒ අනුව 2018 වසරේ ජනවාරි 5 වන දින නඩුවට පෙනී සිටින්නැයි වගඋත්තරකාර නලින් පෙරේරා මහතාට කොළඹ වානිජ මහාධිකරණය විසින් නියෝග කර ඇත.
ජෝතිපාල මහතාගේ බිරිඳ සහ දරුවන් සිවුදෙනා විසින් මෙම නඩුව ගොන් කර ඇත්තේ නලින් පෙරේරා මහතා විසින් ජොතිපාල මහතාගේ ගීත ගායනයෙන් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් කඩ කර ඇති බව පවසමිනි.
හොරෙන් ගායනා කළාම ප්රශ්නෙ මොකක්ද. කාටවත් ඇහෙන් නෑනෙ.
Moo Paster kenek wage ai ban Loku Kurusayak dagena inne?????
Danna widiyata mai sindu wala aythiya thiyenne geetha saha thanu rachakayata. Eyalata nalin geweem karala thiyenne oya kiyana prasangayata. Mai sindu thawa ekak indiyanu copi.
අපිත් ජෝතිපාලගෙ සින් දු කියනව. ජෝති පාල මහත්මයා කවදාවත් ඔය වගේ සල්ලි පස්සෙ දිව්වෙ නෑ. ඒ මහත්තය කවදාවත් කෝටියක් ඇහින් වත් දැකල නැතුව ඇති.
හදවත රත්තරන් ජෝතිපාල ගේ නම කැත කරන නෑදෑයෝ. ගීතයක අයිතිය රචකයා හා සංගීත වේදයාටත් තියෙනව.
වසර 30 ක් ගත උනාම ප්රකාශන අයිතිය අහෝසි වෙනව. ගීතය කාගෙත් සම්පතක් වෙනවා.
ජෝතිපාල මහත්මයා යනු ජාතික සම්පතක් මිස කාගේවත් බූදලයක් නොවේ.