ජෝන්ට මාව ඇමතිකමින් එලවන්න බෑ.. ඔහු වාඩිවෙලා ඉන්නේ අපි හැදු ආණ්ඩුවෙයි..- රාජිත නැවතත් ජෝන්ට බැණ වදී..

May 7, 2017 at 3:50 pm | lanka C news
ජෝන්ට මාව ඇමතිකමින් එලවන්න බෑ.. ඔහු වාඩිවෙලා ඉන්නේ අපි හැදු ආණ්ඩුවෙයි..- රාජිත නැවතත් ජෝන්ට බැණ වදී..

අනුරාධපුර හෙද විද්‍යාලයේ මහල් 06 කින් යුත් නව ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවෙි දී සිදුකෙරිනි.

මෙි සදහා වැය කරන මුදල රුපියල් මිලියන 950 කි. මුල්ගල් තැබීමෙන් පසු හෙද විද්‍යාලයේ 2014 බී කණ්ඩායම සේවයට කැපවීමෙි උත්සවය ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරමිභ විය.

මෙහිදී මාධ්‍යෙවිදීන් නැගු ප්‍රශ්ණ සදහා පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා – “සමාජ ජාලා වෙබ් අඩවි වලින් සිදු කරන අසත්‍ය ප්‍රචාර පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවට පැමිණිිලි කර තිඛෙනවා. ඒ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි. එවැනි වැරදි ප්‍රචාර වෙබ් අඩවි වල පළ කරන්නන් පිළිබදව සොයාබලා කටයුතු කළ යුතුයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවෙි වාර්තාව ලැබීමෙන් පසු තව දුරටත් පරීක්ෂණ පවත්වනවා.”

තමන් සිංගප්පූරුෙවි දී හෘද සැත්කම් ශල්‍යකර්මය සිදු කළ බවත්, පසු තත්ත්වය පරීක්ෂා කිරීම සදහා සිංගප්පූරු මවුන්ටි එලිසබට් රෝහලට ගිය බවත් ප්‍රකාශ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා

“සිංගප්පූරුවෙි ප්‍රතිකාර ලබාගැනීමට සිදු වූයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි. ඒ ආරක්ෂක හේතු මතයි”

‘අමාත්‍ය ඩබිලිවි.ඩි.ඡේ සෙනෙවිරත්න මහතාට මම ඇමැතිකමින් අයින් කරන්න බැහැ. අපි හදපු ආණ්ඩුවෙි තමයි එතුමාත් ඇවිත් වාඩිවෙලා ඉන්නේ. එක කකුළක් එක පැත්තකත්, අනෙක් කකුළ අනෙක් පැත්තෙත් තියාගෙන අපි වැඩ කරන්නේ නැහැ. මම සෘජුව කථා කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඩෙංගු රෝගීන් පිළිබදව අවධානය යොමු නොකර වැඩවර්ජනවල නිරත වෙනවා. දේශපාලන වැඩසටහන් ක්‍රියාත්මක නොකර සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ආයෝජකයින් ලංකාවට එන එක නතර කර ගන්න. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය, ත්‍රීකුණාමලය තෙල් ටැංකි බදු දීම වැනි ව්‍යාපෘති නතර කර ආයෝජකයින් එන එක නතර කරන්න හදනවා.

සයිටම් ගැටළුව පිළිබදව ජනාධිපතිවරයාත්, මමත්, සාකචිඡා පැවැත්වූවා. මුලින් ප්‍රමිතිය ගැන සාකචිඡා කළා. ප්‍රමිතිය සකස් කළ පසු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා ජනසතු කරන්න කියලා. විවිධ සටන් පාඨ ගෙන එනවා. එම සංගමය පසුගියදා පැවැත් වූ වැඩවර්ජනය අසාර්ථකයි. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කළා. වෘත්තීය සමිති 180 ක් එක්වන බව කීවත් වෘත්තීය සමිති බහුතරයක් ආවෙි නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමට එරෙහිව වෛද්‍යවරුන් දැන් නැගී සිටිනවා. එම වෛද්‍යවරුන් මට ප්‍රකාශ කළා තවත් වෘත්තීය සමිතියක් නිර්මාණය කරන බව. මම තමයි එය එපා කීවෙි. ඔවුන් දැන් මට චෝදනා කරනවා. හැබැයි එම වෛද්‍යවරුන් රජයට සහයෝගය ලබාදෙනවා. සයිටම් ආයතනය 2011 වසරේ පිහිටුවන විට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කළේ නැහැ. අධිකරණ තීන්දුවකට එරෙහිව අදහස් දැක්වීමෙි දී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාට ජනතාවගෙන් ප්‍රතිචාර ලැබී තිඛෙනවා. වැඩවර්ජන වලට අපි මුහුණ දෙනවා. මෙි පිළිබදව පෞද්ගලික අංශය සමග ද සාකචිඡා කර තිඛෙන්නේ. අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම පිළිබදව සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළක් සාකචිඡා කළා. ඊට ද ඇතැම් අය විරෝධය පළ කළා. නමුත් ඉන් පසු මමත් ජනාධිපතිවරයාත් සරත් ෆොන්සේකා මහතාත් මෙි පිළිබදව සාකචිඡා කළා. අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම රජයක වගකීමක්. ඒ සදහායි අපි තීන්දු තීරණ අරගත්තේ. ජනතාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කුණු බිත්තර ගහන තත්ත්වයට දැන් පත්වෙලා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙසක් පොහෝ දින කළු කොඩි ඔසවන්න කියනවා. එමගින් ඔහු තමයි විනාශ වන්නේ.

හිිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථා කරනවා. නමුත් එතුමා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීණ්දුවක් ලබාගත්තේ හිටපු ජනාධිපතිවරයෙකුට ආරක්ෂක අංශ සාමාජිකයින් 30 දෙනෙකු සිටිය යුතු බවට. ඒ ගැන කථා කර වැඩක් නැහැ. හිටපු ජනාධිපතිණිය බෝමිබ ප්‍රහාරයකටත් ගොදුරු වුනා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා බෝම්බ ප්‍රහාර වලට ගොදුරු වුනේ නැහැ. රට ගොඩනැගීම සදහා යහපාලන රජය වසර 2020 වනතුරු පවත්වාගෙන යනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

8 views

7 Comments to “ජෝන්ට මාව ඇමතිකමින් එලවන්න බෑ.. ඔහු වාඩිවෙලා ඉන්නේ අපි හැදු ආණ්ඩුවෙයි..- රාජිත නැවතත් ජෝන්ට බැණ වදී..”

  1. Saradiel says:

    ලෝකෙන්ම වාචාල මාධ්‍ය ප්‍රකාශකයා ලංකාවේ රාජිත වාචාලයායි” – විජයදාස

  2. love nature says:

    ඩීල් දේශපාලනයක් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ රාජිත සේනාරත්න යනු බරපතළ ඩීල්කාර චරිතයකි. ඔහු සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කරමින් මාධ්‍ය ඉදිරියේ පාන උද්ධච්ච රැඟුම් අතිශය පිළිකුල් සහගත ය. මාධ්‍යවේදියෙකු ඔහුට හිතකර නොවන ප්‍රශ්නයක් ඇසූ විට දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු ලෙස හැසිරෙන රාජිත සතුරෙක් සේ සලකා මාධ්‍යවේදියාට පිළිතුරු බඳියි.

  3. Shiva says:

    You made this government but it has already distroyed our economy and all economic indicators are negative as compared to 2014 Dengue is on rise Quater asked his residents not to travel to SL and you asked Medea not to mention such things you spent our foreign currency for your operation in Singapore and with that money we could have built a small hospital as you traveled in a private plane

  4. nuwan says:

    meka marila nadda

  5. Nawoda says:

    Yanna epa puluwan tharam wasi paththata pana pana badagena paramparaganakata athiwenna sura kapan.

  6. Boo says:

    ලංකාණ්ඩුවේ කක්කුස්සි වළ !

  7. බන්ඩය්යා says:

    ‘යහපාලනයක්’ නෙවෙය් මුන්ට සියඹලාන්ඩුව වත් මෙහෙම ගෙනියන්න බැහැ. මකබෑ වෙලා පලයව්.

Main News