ජෝන්-ජයවික්‍රම ඇමැති ධුරවලින් ඉවත්කර කැරලිකරුවන්ට දෙන්න සූදානම්.. නායකයා ඉවත් වෙන්නැයි කැරළිකරුවන්ගේ විරෝධය..

April 8, 2018 at 3:50 pm | lanka C news
ජෝන්-ජයවික්‍රම ඇමැති ධුරවලින් ඉවත්කර කැරලිකරුවන්ට දෙන්න සූදානම්.. නායකයා ඉවත් වෙන්නැයි කැරළිකරුවන්ගේ විරෝධය..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට පක්ෂයේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා වන ජෝන් අමරතුංග හා ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැති ධුරවලින් ඉවත් කර පුරප්පාඩු වන ඇමැති ධුර සඳහා තරුණ මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහද කැරලිකාර මන්ත්‍රීන්ට එකඟතාව පළකර ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාප සභාපති මලික් සමරවික්‍රමගේ නිවසේදී කැරලිකාර මන්ත්‍රීන් සමග පැවැති හමුවකදී මෙම කාරණාව සාකච්ඡා කර තිබේ.

එහෙත් එම යෝජනාවට එකඟ වී නැති කැරලිකාර මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන් බලා‍පොරොත්තු වන්නේ පක්ෂ නායකත්වයේ වෙනසක් මිස ඔළු ගෙඩි මාරු කිරීමක් නොවන බවයි.

– lakbima

65 views

20 Comments to “ජෝන්-ජයවික්‍රම ඇමැති ධුරවලින් ඉවත්කර කැරලිකරුවන්ට දෙන්න සූදානම්.. නායකයා ඉවත් වෙන්නැයි කැරළිකරුවන්ගේ විරෝධය..”

  1. Gadol says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ බටහිර රට වල්වලට වලට ගැති පක්ෂයක්

  2. ranil malli says:

    kohoma hari raniyoooooooooooo uba hitapan………………….. apita pissu wage ……. api hamadama unp buruwoooooooooooooo

  3. parakum says:

    All parliamentarians should made to retire at 65/70 so that young blood can be pumped into the nation. Some of these old “SCODGERS” hanging on to enjoy the previlages rather than to serve the nation.

  4. Amal says:

    සජිතත් මස් රාත්තලමයි ඉල්ලන්නේ

Main News