ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති.. තානාපති නිලධාරීන් දෙදෙනෙක් සිර කර ගනිති.. ඔවුන් කන කෑම කවති.. [Video]

July 28, 2020 at 10:00 am | lanka C news
ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති.. තානාපති නිලධාරීන් දෙදෙනෙක් සිර කර ගනිති.. ඔවුන් කන කෑම කවති.. [Video]

ජෝර්දානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු නිවාස අඩස්සියට ගෙන තිබේ.

දැනට මාස පහක පමණ කාලයක් තිස්සේ රැකියාව නැතිව ආහාර සපයා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවම විසදුමක් හෝ නොදෙන්නේ යැයි චෝදනා කරමින් ඔවුන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

තම සේවා ස්ථානය තුළ මෙම නිලධාරීන් දෙදෙනා රඳවා ගෙන පිටතට යාමට නොදී වටලාගෙන සිටිති.

ශ‍්‍රී ලාංකික සේවිකාවන් පවසන්නේ තමන් විසින් මාස පහක පමණ කාලයක් ආහාරයට ගත් ආහාර මෙම නිලධාරින් ද කෑමට ලබා දෙන බවයි.

ජෝර්දානයේ තානාපති නිළධාරීන් දෙදෙනෙක් කාන්තා නේවාසිකාගාරයක සිරකරයි. "අපි මාස පහක් කාපු කෑම මේ සර්ලටත් අද කන්න දෙමු. කලා බලන්නකො සර්.. කන්න පුලුවන් ද කියලා "කොරෝනා වසංගතය හේතුවෙන් ජෝර්දානයේ කැමල්වේගා ඇඟලුම් කම්හල තුළ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා අහිමිවීම, වැටුප් අහිමිවීම හා මූලික අවශ්‍යතා අහිමිම නිසා පීඩාවට පත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසක් තම ගැටළු ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට විසඳුම් ලබා නොදෙන බවට චෝදනා කරමින් තානාපති කාර්යාල නිලධාරීන් තිදෙනෙක් තම සේවා ස්ථානය තුළ රදවාගෙන තමන්ට සාධරණය ඉටුකරදෙන ලෙස කරන ඉල්ලීමක්.

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Montag, 27. Juli 2020

708 views
Main News