ජෝෂප් ස්ටාලින් ත‍්‍රස්තවාදියෙක්.. ඔප්පු කරන සාක්‍ෂි TIDයට..

July 23, 2021 at 10:22 pm | lanka C news
ජෝෂප් ස්ටාලින් ත‍්‍රස්තවාදියෙක්.. ඔප්පු කරන සාක්‍ෂි TIDයට..

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙරට පැවති යුද්ධය අවසාන කාලයේදි ඊට බාධා කළ පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.

එවන් සිදුවීම් කිහිපයක් පිළිබඳ තොරතුරු තමන්ට ලැබී ඇති බවත් එම තොරතුරු ත්‍රස්ත විමර්ශන අංශයට ලබාදීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

යුද සමයේ දී රටේ ආරක්ෂාවට යොදවා තිබූ මාර්ග බාධක ඉවත් කරන්නැයි ජෝසප් ස්ටාලින් පැවසූ බවත් එනිසා ඔහු හැඳින්විය හැක්කේ ත්‍රස්තවාදියෙකු ලෙස බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කීය.

වර්තමානයේදී ද ඔහු සිදුකරන්නේ සිසු දරුවන් හා ගුරුවරුන් බිල්ලට ගනිමින් ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි ද පැවසූ මන්ත්‍රීවරයා සිසු දරුවන්ට හෝ ගුරුවරුන්ට ඔහු ආදරය කරන කෙනෙකු නොවන බවද සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

69,032 views

47 Comments to “ජෝෂප් ස්ටාලින් ත‍්‍රස්තවාදියෙක්.. ඔප්පු කරන සාක්‍ෂි TIDයට..”

  1. Dengu Nona says:

    Joseph Staalin ithaa Kaaryakshama Wruththeeya Sangam Naayakayeki! Ohuta awaman karanna oya manthiri Motaa kawuda?

    • nimal says:

      Joseph Stalin! මුන් වගේ ආගම් කාරයන්ට රට ගැන එච්චර කැක්කුමක් නැහැ. රටට මොනවා වුනත් පිට රටින් ලැබෙන ඩොලර්ස් වලට යට වෙලා. අපේ මිනිස්සුන් මුන්ව පස්සේ යන්නේ ලැඡ්ඡා නැතිව මෝඩෝයෝ වගේ මේව නොතේරි.මිනිහා ඡිවත් වෙන්න ඕනෑ ඉතාලියේ නැත්නම් රැසියාවේ.

  2. p.d gonawardena says:

    මූ සුපර් ස්ටාර්ලින් කෙනෙක්නේ ඕයි බලනකොට……මුන් ගේ ගෙවල් දොරවල්, ඉඩ කඩම්, හරකා බාන ගිනිබත් වෙන්න ඉතා ලග වගේ පේන්නේ…..අහින්සක දරුවන්ගේ දෙමව්පියන් ගේ ඉවසීමේ සීමාව පනින්න ඉතා ලගයි…..

    • Harsha says:

      ගුරු වරුන්ගේත් ඉවසීම ඉවර වෙලා තියෙන්නේ,,, අත තියල බලමු එහෙනම්..

  3. Gamini says:

    What a foolish saying trying to find ways to blame the people who going against the government. If he help them his a good man

  4. වගකිව යුත්තන්ගේ අවධානයට! says:

    මෙම සියළු උද්ගොශණ සංවිධාණය කරන්නන් වෙත යුරෝපා සංවිධානය අති දැවැන්ත මුදලක් මානුශීය අධාර යනුවෙන් සඳහන්කොට වියදමකරනු ලබයි! මේ වනවිට යුරෝපානු සංගමය යුරෝ මිළියන 650ක් දකුණු ආසියාතික කළාපයට නිදහස් කිරීම පිළිබඳව ඇතැම් යුරොපානු රටවල් ප්‍රශණ කරනු ලබනුයේ ආර්ථික අපහසුතා නිසා ඵම මුදල ඔවුනට අවශ්‍ය යැයි පවසමිනුයි..!
    අති විශාල මුදල් ප්‍රේශණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ කඩාකප්පල්කාරීන්ට සහ ත්‍රස්තයන්ට ලැබිමට නියමිතයි.!
    වගකිව යුත්තන්ගේ අවධානයට!

    • Harsha says:

      ඇමරිකන් – ශ්‍රී ලංකා හයිබ්‍රිඩ් මුදල් ඇමතිට කියමුද ඔය යුරෝපා සල්ලි ටික අරන් සිල් රෙදි දෙන්න…

Main News