ඤාණසාර හිමිට කතෝලික රදගුරු සමුළුව විරුද්ද වේ.. බලකාය අහෝසි කරන්නැයි කියයි..

November 3, 2021 at 6:28 am | lanka C news
ඤාණසාර හිමිට කතෝලික රදගුරු සමුළුව විරුද්ද වේ.. බලකාය අහෝසි කරන්නැයි කියයි..

‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවද විරෝධය පල කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු බවයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

36,158 views

30 Comments to “ඤාණසාර හිමිට කතෝලික රදගුරු සමුළුව විරුද්ද වේ.. බලකාය අහෝසි කරන්නැයි කියයි..”

  1. LalithM says:

    බීමත්ව රිය පදවපු උසාවියට අපහාස කරල හිරේ හිටපු සිවුරු හොරෙක් රටක ජනපති උපදේශක වෙලා. අනාගත්ත රජ්ජුරුවන්ටම ගැලපෙන කාර්ය සාධක බළකාය… ජයවේවා…

  2. sunimal says:

    රදගුරු හිතනවා ඇති අපේ රට පාලනය ක‍රන්නේ වතිකානුවෙන් කියලා අමතක ක‍රන්න එපා ඕගොල්ලෝ මහජාතියට 1800 ගණන් වල කරපු අපරාද.

    ලංකාණ්ඩුකාර ධුරයට පත් වූ ටොරින්ටන් සාමිවරයා විසින් 1848 දී ජනතාව මත බදු හතක් පැනවීය. එනම් ඉස්තෝප්පු, ඔරු, බලු, කරත්ත, කඩ, තුවක්කු හා ඇඟ බද්දය. බදු විරෝධී හඬ රට පුරා පැතිරෙන්නට විය. බදු බර නිසා සුද්දන්ට විරුද්ධව කැරැල්ලක් ඇති විය.

    බි‍්‍රතාන්‍ය පාලනය බිඳ දැමීමේ අරමුණින් පුරන් අප්පු සිය සේනාව සමඟ පෙරමුණ ගත්තේය. ඔහු ජූලි 28 වැනිදා මැක්ඩොවල් කොටුව විශිෂ්ට අයුරින් බිඳ දමා මාතලේට පැමිණියේය.පුරන් අප්පු සිංහලේ රජු වශයෙන් 1848 ජූලි 22 වැනිදා දඹුල්ලේදීත්, 28 මහනුවර දීත් අභිෂේක ලැබීය. මාතලේටත් නුවරටත් අතර පැවති සටනක දී වීර පුරන් අප්පු වීරවරයා ඉංගී‍්‍රසීන්ගේ සිරකරුවෙකු ලෙස මහනුවරට ගෙන එන ලදී. මහනුවර රජතුමා ඔහු බවත්, වික්ටෝරියා රැජිනට විරුද්ධව කැරලි ගැසීම ඔහුට තිබූ චෝදනා විය. අධිරාජ්‍යවාදීන්ගේ නඩු විභාගයෙන් පසු පුරන් අප්පු වැරදිකරු වී මරණ දණ්ඩනය නියම කරන ලදී. එම තීන්දුව අනුව ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් 1848 අගෝස්තු 08 වැනිදා වෙඩිතබා මරා දැමීමට නියෝග කළේය.මරණ දණ්ඩනය නියම කිරීමට කාලය පැමිණියේය. ඔහුගේ ඇස් වසා දෑත් විලංගු දමා වෙඩි තැබීමට ඉංග්‍රීසි හේවායෝ සූදානම් විය. සිංහලයන් මරණයට බිය නැහැ. මාගේ දෑස් නිරාවරණය කොට විලංගු ඉවත් කරන ලෙස පුරන් අප්පු ඔවුන්ට පැවසීය. ඔහුගේ ඉල්ලීමට ඉඩ ලැබිණි.ඉංගී‍්‍රසි හේවායන් හා නියොග දීමේ නිලධාරියා ඉදිරිපිට දී ඔහු මෙසේ ද පැවසීය. ‘මෙම සටනට නායකත්වය දෙන්න මා වැනි තවත් හය දෙනෙකු සිටියා නම් නුවර අඩවියේ එක සුද්දෙකුවත් ජීවත් වෙන්නේ නැහැ’ යැයි නිර්භීතව පැවසීය.බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව සටන් කළ පුරන් අප්පු 1848 නිදහස් සටනේ නායකයා ලෙස ද සිංහල දේශය වෙනුවෙන් ද සිංහල ජාතිය වෙනුවෙන් ද සටන් කර දිවි පිදූ ජාතික වීරවරයකු ලෙස ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී ඇත

  3. Maha sinhale says:

    1815 මතකයක් කතෝලික පර සුද්දා

    බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
    ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

    අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
    ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
    කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
    කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
    කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
    පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
    රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා

  4. Jason says:

    පොලොව ඉර වටේ යනවා කිව්ව විද්‍යාඥ වරයා හිරේ දාපු ඔය ආගම් සංස්කෘතිය කොහොමද සාධාරණ දේවල් වලට විරුද්ධව චෝදනා කරන්නේ.

  5. Pera says:

    This country is heading for irreversible man-made disaster.

  6. 0.0069 MIN BIYYO says:

    බීමත්ව රිය පදවපු උසාවියට අපහාස කරල හිරේ හිටපු සිවුරු හොරෙක් රටක ජනපති උපදේශක වෙලා. අනාගත්ත රජ්ජුරුවන්ටම ගැලපෙන කාර්ය සාධක බළකාය… ජයවේවා…

  7. Damian says:

    බොරු වක් බව තමන් හොඳින්ම දැන ගෙනත් හිතෙන් මවා ගත් දෙයියෙක්ට වඳින්න කියලා මිනිසුන්ට දෙසන සෙට් එක රට පාලනේ කරන්නත් ඇවිත්.

Main News