ඥණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් කිහිපයක් හදිසි මෙහෙයුම් අරඹති.. රටින් පිටවීමත් තහනම්..

May 25, 2017 at 5:30 pm | lanka C news
ඥණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් කිහිපයක් හදිසි මෙහෙයුම් අරඹති.. රටින් පිටවීමත් තහනම්..

පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් බොදු බල සේනා සංවිදානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

පොලිසිය පවසන්නේ ඥාණසාර හිමියන් විසින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම, ජාතීන් අතර සමඟිය නැති වන ප්‍රකාශ කිරීම ආදී සිද්ධීන් කිහිපයක් නිසා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඇරඹු බවයි.

පොලිස් කණ්ඩායම් කිහිපයක්ම ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට මෙහෙයුම් කරමින් සිටින අතර උන් වහන්සේට රටි පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇත.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශව වෙත උන් වහන්සේ සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කැදවා තිබුණද එයද පැහැර හැර ඇතැයි පොලීසිය කියයි.

86 views

35 Comments to “ඥණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් කිහිපයක් හදිසි මෙහෙයුම් අරඹති.. රටින් පිටවීමත් තහනම්..”

  1. අනාගත දම්මපාල. says:

    මේ හාමුදුරුවන්ට අත නොතබනු. මුන් වහන්සේ කියන කතාවල ඇත්ත නැත්ත සොආ බලනු. සිංහලයන් වෙනුවන් ඇත්ත කතා කිරීම ජාතිවාදය ඇවිස්සිමක් නොවේ. අත් අඩංගුවට ගන්න ඕනෙ ඒ කතා වල ඇත්ත වසන් කරන ජාති ද්‍රෝහීන්. රට බේරා ගන්න කතා කරන හඬ වහන්නට යහ පාලනය පොලිසිය උත්සාහය අපි හෙලා දකිමු.

  2. ජසයා says:

    ප්‍රභාකරන් අල්ලන්නවත් මේ තරම් සටනක් දෙන්න වුවේ නැහැ මගේ හිතේ…..

  3. CHANDA says:

    මේ අපේ ජාතිය, මේ මගේ රට, නෙවෙයි කියලයි කලක ඉදන් මමත් හිතෙන්නේ, තොපේ රටනේ… ඕනි විධියකට කාපල්ලා.

  4. ජයහඩ says:

    යකො මේක රෙද්ද අස්සේ නීතියක්නේ. ඔය ඔක්කෝම නීති අපිට විතරද යකෝ. වෙන ඒවුන්ට නැද්ද යකෝ. යකෝ හිටං තොට හිටගෙනම මේවා පරිසං දෙනවා දෙනවාමයි

  5. eelam yamapalana gramasevaka brapathi DIRTY GANG should be arrested immediately.

  6. pp says:

    vigneswaram, siwajilinngam, marakkala jathi wadinwa bada dammanna bayada. nog modal kaka wiyangodata nog modal gewala thiyenne galagodaathe hamodorowannwa badala dana kampen ekata witharalu.

  7. LION says:

    පෘතුගීසි පාලනය නැවත ඇවිල්ලා හෙලයනි නැගිටපල්ලා බලන් සිටියා ඇති

  8. ජසයා says:

    සිංහල බෞද්ධ මව්වරුනි. පියවරුනි. ඉතාමත්ම වැදගත් කාරණාවක් ගැන මම ඔබගේ අවධානය යොමුකරමි. ඔබගේ දුව,පුතා ඉංජිනේරුවරයෙක්, වෛද්‍ය වරයෙක් කිරීම ඔබගේ පරම අභිලාෂය බව දනිමු. නමුත් සිංහල බෞද්ධ අප නොදකිනා පැත්තක් ගැන මම ඔබව අවදි කරන්න කැමතියි. අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන අඩුපාඩුවක් නිසා යයි ඔබට නොදැනෙන්නට පුළුවන. ඇස් ඇර බැලීමට කාලය පැමිණ ඇත.
    මාගේ ඉල්ලීම…… ඔබගේ දුව පුතා නීති උපාධියට හෝ නීති විද්‍යාලයට යොමුකර දක්ෂ නීතිඥයින් බවට පත්කරන්න. එ් උසාවි වල කෑගසා සල්ලි හම්බකරන්නම් නොවේ. නීතිඥයෙක් බවට පත්වී හැකි ඉක්මනීන් අධිකරණ විනිසුරුවරයෙන් බවට පත්කරන්න. අද, අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන කුමන නම් අඩුපාඩුවක් නිසාදැයි මේවන විට ඔබට වැටහිය යුතුය. එසේ වැටහෙන්නේ නැත්නම් ඒ අපගේ, සිංහල බෞද්ධ ජනතාවගේ අභාග්‍යයයි.

    මට සිටින්නේ එකම දරුවෙක් පමණි. ඔහු විදේශයකට යවා ඉහලින් පිලිගත් විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මට තිබේ. නමුත් මම මාගේ දරුවා යොමුකරන්නේ මෙම රටේ නීති පීඨයකට හෝ නීති විද්‍යාලයටයි.

  9. sinha le says:

    රට දැය සමය වෙනුවෙන් අවදියෙන් සිටින බොදුබලසේනා මහ සඟ රුවන හෙළ බොදු අපට ඇති උතුම්ම සම්පතකි.

  10. sumudu hewa says:

    මේ රටේ මුස්ලිම් ආගමික අන්තවාදයක් ඇත. එහෙත් එයට අප එරෙහි විය යුත්තේ රනිල්ව තව තවත් බලවත් කෙරෙන ආකාරයට නොවේ.
    අපේ බොදු උරුමය රැකගන්ට වෙහෙසෙමු. එහෙත් බටලන්දගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන ඥානසාර හිමියන්ට නොරැවටෙමු.

Main News