ඥණසාර හිමි සිවුරට මුවා වී කරන වැඩ මුළු බෞද්ධයන්ටම නිගාවක්..
May 24, 2017 at 8:40 am | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිවුරට මුවා වී කරන ක්‍රියාවන් සියළු බෞද්ධයන්ට මහා අගෞරවක් යයි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර මහතා පවසයි.
ඊයේ පැවති දකුණු පළාත් සභා රැස්වීම අමතමින් මන්ත්‍රිවරයා කියා සිටියේ ඥණසාර හියමින් පල්ලි හා කෝවිල්වලට පහර දෙමින් කරන මේ ක්‍රියාදාමය නිසා ජාතික සමගිය නැතිවන බවයි.
සිවුරට මුවා වී බෞද්ධයන්ට නිගාදෙන වැඩ කිරීම නිසා මුළු බෞද්ධයන් කෙරෙහිම කලකිරීමක් ඇතිවන්නේ යයිද ඔහු කියා සිටියේය.