ඥාණසාර හිමිගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. සිර දඬුවම ක‍්‍රියාත්මකයි..

August 31, 2018 at 3:00 pm | lanka C news
ඥාණසාර හිමිගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. සිර දඬුවම ක‍්‍රියාත්මකයි..

වසර හයක සිර දඬුවම් නියම කර ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින්නැයි කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

උන් වහන්සේට නියම කර ඇති සිර දඬුවම අභියෝගයට ලක් කරමින් අභියානාධිකරණය හමුවේ ගොනු කරන ලද අභියාචනය සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් සදහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සදහා අභියාචනයක් සිදි කිරීමට අදහස් කරන බවයි.

අධිකරණයට අපහාස කලේ යයි ඥාණසාර හිමියන්ට 19 වසරක සිර දඬුවමක් එය වසර 06කින් ගෙවී යන ලෙස නියම කර ඇත.

21 views
Main News