ඥාණසාර හිමිගේ දඬුවම ගැන තීන්දුවකට අස්ගිරිය සූදානම්.. සංඝ සභාව රැස් කරයි..

August 15, 2018 at 4:40 pm | lanka C news
ඥාණසාර හිමිගේ දඬුවම ගැන තීන්දුවකට අස්ගිරිය සූදානම්.. සංඝ සභාව රැස් කරයි..

19 වසරක සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන ලෙස ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට අධිකරණය විසින් ලබා දී ඇති සිර දඬුවම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමට සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවය සූදානම් වෙයි.

අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සදහන් කර ඇත්තේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව රැුස් කර සාකච්චා කර ප‍්‍රකාශයක් නිකුත් කරන බවයි.

බොදුබල සේනා සංවිධානයේ නියොජිත පිරිසක් උන් වහන්සේ බැහැ දැකීම සදහා අස්ගිරි මහ වාහිරයට ලිය අවස්ථාවේදී මෙම අදහස් පල කර තිබේ.

160 views
Main News