ඥාණසාර හිමිගේ පැරණි හතුරෙක් යලි සටන් කැදවයි.. මෙවර ඇමති විජේදාසත් පටලවාගනී..

July 14, 2017 at 2:10 pm | lanka C news
ඥාණසාර හිමිගේ පැරණි හතුරෙක් යලි සටන් කැදවයි.. මෙවර ඇමති විජේදාසත් පටලවාගනී..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් කටයුතු කරනු ලැබුවේ ඇමැති විජයදාස රාජපක්ෂ බව කියමින් පුද්ගලයෙකු ෆේස්බුක් වෙත මුදා හැර ඇති වීඩියෝව ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ජාතික බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත.

අදාල වීඩියෝව නිකුත් කරමින් එම පුද්ගලයා සදහන් කර ඇත්තේ ඥාණසාර හිමි විජේදාස ඇමතිවරයා මුණ ගැසීමට ගිය අවස්ථාවේ තමන්ද එම ස්ථානයේ සිටි බවද විජිත හිමිගේ පැමිණිල්ලේ දැක්වෙයි.

අදාල ප්‍රකාශය සත්‍ය නම් ඥාණසාර හිමි එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කල පුද්ගලයින්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයිද පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

107 views