ඥාණසාර හිමිගේ සැත්කම සූදානම්.. නිර්වින්දනය කිරීමට යෝග්‍යයි..

August 18, 2018 at 3:50 pm | lanka C news
ඥාණසාර හිමිගේ සැත්කම සූදානම්.. නිර්වින්දනය කිරීමට යෝග්‍යයි..

රෝහල්ගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සැත්කම 20 වන සදුදා සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පවසයි.

උන් වහන්සේගේ මුත්‍රාශයේ ගලක් ඉවත් කිරීම සඳහා මෙම සැත්කම කලින් සැලසුම් කර තිබූ දින සිදුකිරීමට නොහැකි වූයේ විර්න්දනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් හිමියන් පසු නොවූ බවද ඔහු පැවසීය.

මේ වන විට උන් වහන්මේ ඒ සඳහා සුදුසු තත්ත්වයක පවතින බවද කී ඔහු සදුදා දිනයේ බොහෝ දුරට මෙම සැත්කම සිදුකළ හැකි යයි විශ්වාසය පළ කළේය.

ඥානසාර හිමියන් අධිකරණ අපහාස කළේ යැයි චෝදනාවට වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 19 ක සිරදඬුවමක් වසර 06කින් ගෙවීයන පරිදි අධිකරණය විසින් නියම කර තිබේ.

146 views
Main News