ඥාණසාර හිමිගේ සිවුර ඉවත් කල නොහැකියි.. එය කල හැක්කේ සංඝාධිකරණයකින් පමණයි..- මහ නාහිමි

June 18, 2018 at 1:20 pm | lanka C news
ඥාණසාර හිමිගේ සිවුර ඉවත් කල නොහැකියි.. එය කල හැක්කේ සංඝාධිකරණයකින් පමණයි..- මහ නාහිමි

භික්‍ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් නොමැකි බව රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි මහ නාහිමියෝ පවසති.

එවන් තීන්දුවක් ගත හැක්කේ සංඝාධිකරණයක තීන්දුවක් මත පමණක් යයිද උන් වහන්සේ කියා සිටිති.

ඥාණසාර හිමි සිරගත කිරීම සම්බන්ධයෙන් මහ නාහිමියන් දැනුවත් කිරීම සදහා ගිය බෞද්ධ සංවිෂධාන නියෝජිතයන් සමග අදහස් පල කරමින් මහ නාහිමියෝ මේ බව කියා සිටියහ.

මේ අතර භික්‍ෂුවක් ස්ව කැමැත්තෙන් චීවරය ඉවත් නොකරන්නේ නම් භික්‍ෂූත්වය අහෝසි නොවන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමයෝ පවසති.

එනිසා ඥාණසාර හිමියේ භික්‍ෂූත්වය අහෝසි නොවනු ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.

402 views

5 Comments to “ඥාණසාර හිමිගේ සිවුර ඉවත් කල නොහැකියි.. එය කල හැක්කේ සංඝාධිකරණයකින් පමණයි..- මහ නාහිමි”

  1. "අමාවක සඳ" says:

    මහ නාහිමියනි නිමල බුදු සසුනට නිගරු කවුරු කරත්ද
    නැත අන්‍ය ආගමිකයින් බුදුදහමට මෙසෙ නිගරු කරත්ද
    අප චීවරධාරී හැසිරීමය බුදුදහමට විපාක කරුමය කරත්ද
    මෙවැනි අය ඇයි තවදුරටත් චීවර ඇඳ සසුනෙ නිගා කරත්ද

  2. " පුර සඳ පැතුම" says:

    මෙරට පමනකි වෙසක් දිනය වෙනස් කල එකම රට
    විපාකය ඉබි ගමනින් සැම හිතටම කාවැදි ඇත්ද රට
    චීවර ඇඳ දේශපාලනය කරන්නට අවසරම නොදී රට
    කල විට සසුන බැබලේ ස්වෛරීම මුලු ලොව දහම් රට

  3. prathibha says:

    It is a dishonour for the robe to be behind the bars when a priest is sentenced. That’s the reason. Buddharakkhita and all past priests were de-robed and it should not be changed beacuse it is a disrespect to the robe.

Main News