ඥාණසාර හිමිගේ සිවුර ගලවා ජම්පරය අන්දන්න බන්ධනාගාරයේ එකම යුද්දයක්.. ජම්පරය එපාමයි කියා ඥාණසාර හිමි කියයි..

August 31, 2018 at 9:20 am | lanka C news
ඥාණසාර හිමිගේ සිවුර ගලවා ජම්පරය අන්දන්න බන්ධනාගාරයේ එකම යුද්දයක්.. ජම්පරය එපාමයි කියා ඥාණසාර හිමි කියයි..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදු කරන ලද සැත්කමකින් අනතුරුව තියෙන්නේ බන්ධනාගාර රෝහලට ඇතුළු කරන ලද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එහිදී ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කර තිබේ.

වසර 19 ක සිරදඬුවම් වසර 06 කින් ගෙවවීයන ලෙද අධිකරණය විසින් උන්වහන්සේට සිරදඬුවම් නියම කරන ලද අතර වකුගඩුවල තිබූ රෝගී තත්ත්වයක් නිසා ජයවර්ධනපුර රෝහලේ සැත්කම් සිදු කිරීමෙන් පසු ඊයේ දිනයේ උන්වහන්සේ රෝහලින් බන්ධනාගාර රෝහලට ගෙන යනු ලැබීය.

එහිදී ඥානසාර හිමියන් ජම්පරය ඇදීම ප‍්‍රතික්‍ෂෙප කරමින් පවසා ඇත්තේ තමන් චීවරය ඉවතට දමා ජම්පරය අඳින්නේ මහා නායක හිමිනමක් විසින් නියම කළොත් පමණක් බවයි.

කෙසේවෙතත් බන්ධනාගාර ගත කරන ඕනෑම පුද්ගලයෙකු ජම්පරයක් අදිය යුතු බව ඥානසාර හිමියන්ට බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දී ඇති අතර මෙම තත්වය මත බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර මූලස්ථානයෙන් උපදෙස් පතා තිබේ.

ඥානසාර හිමියන් මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව වෛද්‍ය අධීක්‍සණය යටතේ සිටී.

152 views
Main News