ඥාණසාර හිමිට ඇප ගන්න පෙරමුණ ගත් උලපනේ හිමි විධායක ජනපති ධූරය රැකීම NGO නඩය පට්ට ගහයි…
July 10, 2017 at 12:13 am | lanka C news
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට විරුද්ධව ජාතිවාදී ප්‍රකාශ කිරීම් මත පොලිසිය විසින් චෝදනා 21 ක් ගොනුකර තිබු අතර ඒ වෙනුවෙන් පොලිසිය ඉදිරිපත් පත් කල බී වාර්තා අනුව වහාම උන්වහන්සේ අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් වරෙන්තුවක් ද නිකුත් කරගෙන තිබුණි.
එහෙත් හදිසියේම සියල්ලම වෙනස් වුයේ පොලිස් කොමිසමක් ඉදිරියේ පාලනය වන ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකාරකම් නිසාය. අත් අඩංගුවට ගැනීමට මහා රෑ මහේස්ත්රාත්තුමා ඉදිරියේ බී වාර්තාවක් ඉදිරිපත් කල පොලිසියම චෝදනා 21 ක් සම්බන්ධව ඇප දීමට විරුද්ද නොවී අධිකරණය ඉදිරියේ මුනිවත රැක්කේ අධිකරණය ඉදිරියේ මහත් අසීරුතාවයට පත්වෙමිනි.
ඒ අනුව පොලිසිය ඥාණසාර හිමිට ඇප දීමට විරුද්ධ නොවීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තුමාගේ ප්‍රකාශය මගින් රටේ පොලිසිය දේශපාඥයන් ඉදිරියේ කොතරම් අසරණ හා හෑල්ලුවට ලක් වී ඇද්ද යන්න ඉතා පැහැදිලිය. එමෙන්ම පොලිසිය විසින් එකම දින නඩු 3 කට අවස්ථා 3 දි ඇප ලබාදීමට කටයුතු කිරීම දකුණු ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපටයකට නොදෙවෙනි ය.
මෙය පිටුපස සිටියේ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස ක්‍රියාත්මක වන ජනාධිපති කාර්යාලය සමඟ නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන උලපනේ ශ්‍රි සුමංගල හිමියන් බව දැන අනාවරනය වෙමින් පවති. උන්වහන්සේ ඥාණසාර හිමියන් සඳහා ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් ඇප ලබාගැනිමෙන් පසුව මාධ්‍ය ඉදිරිපිට කල ප්‍රකාශයෙන් එය පැහැදිලි ය. Link
දැන් උන්වහන්සේ මේ දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කරලියට පැමිණ ඇත්තේ තම සහෝදර NGO නඩය පට්ට ගහමිනි. උන්වහන්සේගේ අභිප්‍රාය මේ දිනවල සාකච්ඡා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වුවත් සෑබෑ අරමුණ විධායක ජනාධිපති ධූරය නිරුපද්‍රිතව ඉදිරියට ගෙන යෑම බව පෙනේ.
මේ සියලු කාරනා විශ්ලේෂණය කිරීමේදි මහින්ද යුගයේ අලුත්ගම මුස්ලිම් කඩ ගිනිබත් කිරීමේ සිද්ධිය, වර්තමානයේ මුස්ලිම්වරුන් හා සිංහල ජාතින් අතර විරසකය, රාජපක්ෂවරුන් දේශපාලන වශයෙන් විනාශ කිරීම, මෙන්ම තමන් සමග පසුගිය රජය බලයෙන් පහකිරීමට සහෝදරත්වයෙන් වැඩකල පුරවැසි පෙරමු ඇතුළු සිවිල් සංවිධානවලට හිටිහැටියේ පහර ගැසීම යන සෑම දෙයක්ම කාගේ හෝ කාලසටහනකට අනුව සිදුවෙන බව අසාද් සාලි වන් ජාතිවාදීන් මෙන්ම සිවිල් සංවිධාන තේරුම් ගන්නේ නම් වටී.
දඹර අමිල වටරැක විජිත වගේ හිමි වරැ අැරෙන්න අනෙක් සෑම හාමුදුරැ කෙනෙක්ම පෙනී ඉන්නෙ ඔීනෑ සිංහල බෞද්ධයා වෙනුවෙනුය්.හාමුදුරැවරැ ශ්‍රීලනිප හෝ එජාපෙ හෝ රාජපක්ෂ හෝ වික්‍රමසිංහ වෙනුවෙන් පෙනි ඉන්න අවශ්‍ය නැහැ. සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටීමය් අවශ්‍ය. රාජපක්ෂ හෝ වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතියට නිග්‍රහ කරනවා නම් අවමන් කරනවා නම් සිංහල බෞද්ධ සංස්කෘතිය රකින්නේ නැති නම් සෑම හාමුදුරැ කෙනෙක්ම එසේ කරන්නාට එරෙහි විය යුතුය්.
ALI WAMUNAGE 6.2 MILLION NO WHERE NOW. WHAT HE DID ONLY GOT MILLIONS FOR GOSSIP REPORT OF SRI LANKAN AIR LINE IN ADDITION TO DOLLARS COMING FROM OUT