ඥාණසාර හිමිට උසාවියට බාර වන්න පාර හැදුවේ අපයි..
June 24, 2017 at 8:02 am | lanka C news
බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාරවන වාතාවරණය සකස් කරනු ලැබුවේ පොලීසිය විසින් බව නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඥාණසාර හිමිගේ පාර්ශවයෙන් රජය වෙත එවනු ලැබූ පණිවුඩය පොලිසියේ අධීක්ෂණයට ලක් වූ බවද කී ඇමතිවරයා උන් වහන්සේ අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා සිටි බවද පැවසීය.