ඥාණසාර හිමිට ජනාධිපති සමාව.. මහනාහිමිවරුනුත් මැදිහත් වෙයි..

June 20, 2018 at 10:49 pm | lanka C news
ඥාණසාර හිමිට ජනාධිපති සමාව.. මහනාහිමිවරුනුත් මැදිහත් වෙයි..

සිරගත කර සිටින ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් සාකච්චා ආරම්භ වී ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

මහනායක හිමිවරුන් හා ජනාධිපතිවරයා අතර මෙම දැනටමත් මෙම සාකච්චා පැවැත්වෙන්නේ යයිද සේනාරත්න මහතා කීය.

මේ අතර ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරන්නේ සිකුරාදා දිනය වන විට ඥාණසාර හිමියන් නිදහස් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඥාණසාර හිමියන් බන්ධනාගාරයේ ඉතාම සතුටින් සිටින බවත් කිසිම කලකිරීමක නැති බවත් ඇමතිවරයා සදහන් කරයි.

එහිමියන්ගේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

145 views

9 Comments to “ඥාණසාර හිමිට ජනාධිපති සමාව.. මහනාහිමිවරුනුත් මැදිහත් වෙයි..”

  1. polonnaruve wije says:

    නීතිය නොදන්නාකම….අභියාචනයක් ගොනුකර ඇතිවිට ජනාධිපති සමා සුම්මා….මේකවත් දන්නෙ නැති වාහෙලා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වූ අබුද්දස්ස රටක්….

  2. ගිරවා says:

    කොලබට බෝම්බ ගැසූ මිනීමරු LTTE ත්‍රස්තවාදියා ජනපති අණින් නිදහස් කරද්දී අපරාධයක් නොකළ ගරුතර සංඝයාවහන්සේ සිරකරන්නේ කුමන නීතියක් යටතේද ?
    කොලබට බෝම්බ ගැසූ මිනීමරු LTTE ත්‍රස්තවාදියා ජනපති අණින් සමාව ලැබේනම් සිරදඩුවම් විදින සියලුම මිනිමරුවන් ටත් සමාව දිය යුතුයි නේද ? දෙමළ LTTE මිනීමරු අපරාධකාරයන්ට නිදහස දෙන්නේ දෙමළ වීම විශේෂත්වයක්ද ?
    මොකද්ද මේ අවනීතිය ?

  3. SALMAL says:

    සිරගත කර සිටින ගෞරවනීය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට නිදහස් කිරීමට කටයුතුකරන ගෞරවනීය මහනායක හිමිවරුන්ට අපේ නමස්කාරය
    නිදහස මහ මුහදක් වේ
    එහි උල්පත පුත නුඹ වේ
    ඒ බව සිහිකොට මෙලොවේ
    යුතුකම ඉටු කළ යුතු වේ
    තමන් ලැබු දිවි පවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රුක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ
    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි
    Wake up Sinhalese Buddhist folks wake up protect our Ven. Buddhist monk

  4. බන්ඩා says:

    බැධුන්කර මගඩිය අද රටේ රටේ සියලු අාර්තික ප්‍රශ්ණ වලට මූල බීජයය්. සුජීව ‘අැත්ත නැත්ත’ කියල ලියල බයිල කිව්වට මහින්ද රට දියුනු කරන්න ගත්ත නය අද ගෙවා ගන්න අමාරැ බැඳුන්කර හොරකමෙන් අාර්තිකයට සිදුවූ පාඩුව නිසය්. දැන් යහපාලන හැත්ත රටේ නැති ප්‍රශ්ණ අැති කර ඒවා විසඳන මුවා වෙන් ජනතා ප්‍රශ්ණ යට ගහනවා.

  5. ajita de costageneral strike says:

    ranilge double game

  6. මද්‍යස්ථ මිනිස්සු says:

    අනේ මේවගේ මෝඩ ජාතියක්.

    මුලින්ම ඥානසාර හාමුදුරුවෝ ඇතුලට දැම්ම. ඊට පස්සේ රනිල්ගේ සෙට් එකම උඹලගේ උජාරුව කියාගන්න ලස්සනට පෝස්ට් ටිකක් හදල දුන්න මුහුණු පොතේ දාගනින් කියල. අපේ මෝඩයොත් ඕක ශෙයා කරගෙන ජාති ආලේ බොරුවට පෙන්නන්න හදනවා මේ දවස්වල.

    අන්තිමට වෙන්නේ මේ ටික නෙමෙයිද කියල බලපල්ලා,

    ඥානසාර හාමුදුරුවෝ නිදහස් වෙනවා.. පෙන්නන්නේ හැබැයි වෙන දෙයක්. එහෙම කරාම අපේ ගොං හැත්ත හිතන්නේ උන්ගේ පෝස්ට් වලට බයේ නිදහස් කරා කියල.

    ඊට පස්සේ ඥානසාර හාමුදුරුවෝ එලියට එනවා. පහුගිය දවස්වල මුකුත් දන්නේ නෑ වගේ හිටපු උන්වහන්සේ පාර පුරා නැවත කෑ ගහනවා. එතකොට අපේ බූරුවොත් ඒ පස්සේ යනවා, පෝස්ට් එහෙමත් හද හද දාවි.

    හැබැයි ඔය අතරේ උන්වහන්සේ ගෝඨා ගේන්න කියාගෙන යාවි.. අපිටත් චූං වෙයි. හැබැයි මතක තියාගන්න ඔය යහපලුවන්ට ඕන එකමයි. මොකද මද්‍යස්ථ මිනිස්සු ඥානසාර හාමුදුරුවන් ගෑවුන තැනකට කැමති නෑ.. හරි බෞද්ධයත් උන්වහන්සේගේ ක්‍රියා අනුමත කරන්නේ නෑ. අන්තිමට වෙන්නේ ගෝඨා පරදින එක. පාවෙන ඡන්ද වලට කෙලවන්න හදන්නේ ඔන්න ඔහොමයි.

    තව හිඟා කකා ඉන්න ඕනනම් රැවටියන්.

  7. Love nature says:

    21 වෙනි ශතවර්ශවලට ගැලපෙන අපේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමි

    ධර්මපාලතුමා හම්බයා, දෙමළා, මරක්කලයා, පාදිලියා වැනි වදන් භාවිතා කළ බව සැබෑවී. නමුත්, එතුමා ඒ වදන් පාවිච්චි කලේ අන් ජාතියක් හෝ අන් ආගමක් පහත් කොට සැලකීමට නොවේ. ඒ වදන්, එකල, 19 අග සහ 20 මුල ශතවර්ශවල පොදුවේ කවුරුත් පාහේ භාවිතා කළ වදන්ය.

    ස්වකීය සිංහළ ජනතාවට ධර්මපාලතුමා ගොනා, මී හරකා, ගොන් අලියා වැනි වචනව්ලින් ආමන්ත්‍රණය කළේය. ඔහු එසේ කීවේ කිසිවෙකුටවත් පුද්ගලිකව අපහාස කිරීමේ චේතනාවෙන් නොවේ. සමහරවිටක එතුමාගේ ඔවදන් මිනිසුන් බැරෑරුම්කොට සැලකුවේ එවැනි තද වදන් පාවිච්චි කිරීම නිසා විය හැකයි. ධර්මපාලතුමාගේ ඔවදන් මිනිසුන් කිසිම ද්වේශයක් නොමැතිව පිළිගෙන, පිළිපැද්දහ. සාමාන්‍ය මිනිසුන් එතුමාව ඉතා ප්‍රිය කළහ.

  8. Lokka says:

    නීතිය කාහටත් එක හා සමානයි. එසේනම් අනික් ඇතුලේ ඉන්න පැවිදි අයටත් ජනාධිපති සමාව එදිනට හිමිවිය යුතුමයි. පැවිදි කියන්නේ දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියනි හා අනෙක් ඔක්කොටම.

    • sinha le says:

      එසේ නම් රිෂාර්ඩ් බදුර්දීන් වනය විනාසකර මුස්ලිම් පල්ලි හදපු එකටත් බරපතල වැඩ ඇතුව සිරගත කල යුතුයි