ඥාණසාර හිමිට ජම්පර් ගස්සා බරවැඩ දිය යුතුමයි.. සිවරට අගෞරවයක් නම් භික්ෂූත්වයත් ඉවත් කල යුතුයි..- බාහු
June 16, 2018 at 3:19 am | lanka C news
සිරගත කරන ලද ඥානසාර හිමියන්ට සිර දඬුවම් විදින කාලයේදී ජම්පරය ඇන්දවිය යුතුම බව ආචාර්ය වික්රමබාහු කරුණාරත්න මහතා පවසයි.
සිවුරට අගෞරවයක් වන නිසා නිකාය නායක හිමිවරුන් කල යුත්තේ ඥාණසාර හිමියන් භික්ෂූත්වයෙන් ඉවත් කිරීම යයිද ඔහු සදහන් කරයි.
ඥාණසාර හිමියන් නියම සිරකරැවකු ලෙසම දඩුවමක ලක් කල යුතු බවත් ජම්පරය ඵීටින් වැඩ කල යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
කුරාණයට හෝ මහමත්තුමාට විරුද්ධව යමෙක් කතා කළොත් ඊට විරුද්ධව මුළු අරාබි ලෝකයම නැගී සිටිනවා. ඒ වගේම ක්රිස්තියානි පල්ලිය වෙනුවෙන් වතිකානුව නැගී සිටිනවා. බුද්ධාගම වෙනුවෙන් එවන් කිසි කෙනෙක් නැහැ. ඒ නිසාම තමා මේ ඥාණසාර චරිත බිහිවෙන්නේ.උන් වහන්සේගේ හැසිරීම භික්ෂුවකට සුදුසු නැහැ. ඒත් මේ බුදු වෙන්න හෝ නිවන් දකින්න පුළුවන් කාලයක් නෙවි.හැම එකාගෙම අතේ පිරිත් නූල් බඳින්නෙ නැතුව හැම පක්ෂයකටම “එහෙයි” කියන්නේ නැතුව රටට වැඩ කරන රට වෙනුවෙන් නැගී සිටින මෙවන් ඥානසාර චරිත තවත් බිහිවිය යුතුයි.