ඥාණසාර හිමිට සමාව දෙන්න එපා.. එය ජනාධිපතිවරණයේදී ගෝටාභයට අවාසියි..

May 23, 2019 at 12:00 pm | lanka C news
ඥාණසාර හිමිට සමාව දෙන්න එපා.. එය ජනාධිපතිවරණයේදී ගෝටාභයට අවාසියි..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මේ මොහොතේ ජනාධිපති සමාව දිය යුතු නැති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අවශ්‍යනම් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව එය සිදු කළ හැකි බවයි.

මේ මොහොතේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සිදුවන්නේ ඉදිරි ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම දියාරු කිරීම බවද ඔහු සඳහන් කළේය.

මාද්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

347 views
Main News