ඥාණසාර හිමිට V8 රථයක් කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

June 12, 2021 at 12:00 pm | lanka C news
ඥාණසාර හිමිට V8 රථයක් කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජූලි 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ එය පක්ෂයට නැවත ලබා දිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

ඒ සඳහා රතන හිමියන් පොරොන්දු වු බවත් එය පක්ෂය සමග ඇතිකරගත් එකඟතාවයක් බවත්් ඥානසාර හිමියෝ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන්ට ජීප් රථයක් මිලට ගැනීමට මුදල් දුන්නේ ඇමෙරිකාවේ සිටින ව්‍යාපාරිකයෙක් බවද පැවසූ ඥානසාර යනු ඒ සඳහා සාක්ෂි ලෙස හඬ පට ද ඉදිරිපත් කරන ලදී.

රතන හිමියන් විසින් එම වාහනය ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ රතන හිමියන් විසින් තමන් වහන්සේට ප්ලේන්ටියක් වත් ලබා දී නැතැයිද කියා සිටිති.

116,316 views

35 Comments to “ඥාණසාර හිමිට V8 රථයක් කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…”

  1. Amda says:

    අනේ මන්දා……සිදුහත් කුමාරයා සක්විති රජකම සමඟ සියලු සැප බල අතෑරලා ගිහින් දුශ්කරක්‍රියා කරලා වීර්යය වඩලා බුදු වුනා…පිඬු සිඟා වැඩියා…..සැතපුම් ගනන් දුර ගම් දනව් වලට පයින් වැඩියා ධර්මය දේශනා කරන්න

    ඒකට මුන් වහන්සේලා

    • ගමේ බණඩා says:

      ඉස්සර වගේ v8 නැතුව දැන් නිවන් යන්ට බෑ..

  2. Asela Perera says:

    මොනවා වුනත් වහබ් වාදය ගැන මුල ඉඳලම වසර 16ක් තිස්සේ උන්වහන්සේ කිව්ව දේවල් ඇහුවානම් පාස්කු ප්‍රහාරය වෙන්නේ නැහැ. ප්‍රහාරයේ ත්‍රස්තයෝ හිටියේ මහින්ද මුත්තාගේ පේ රෝල් එකේ. අනෙක නානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගියානම් මේ වෙලාවේ ආණ්ඩුවේ උන්ගේ අමුඩෙත් ගලවනවා. බැසිල් කොහම හරි කෝටි ගානක් රතන මුදලාලිට දීලා සංග බේදය ඇතිකරලා රතන මුදලාලිව පාර්ලිමේන්තු යැවුවා. නානසාර පාර්ලිමේන්තු එයි කියලා මුන් මාර බයයි. ආවොත් රෙදි ගලවන නිසා

Main News