ඥාණසාර හිමියෝ තවත් ප‍්‍රමාද නොවෙති… නව ජනබලවේගයක් හෙටම හදයි..

May 25, 2019 at 12:00 pm | lanka C news
ඥාණසාර හිමියෝ තවත් ප‍්‍රමාද නොවෙති… නව ජනබලවේගයක් හෙටම හදයි..

ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ සිර දඬුවමින් නිදහස ලද බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් නව ජන බලවේගයක් ගොඩනැගීමට තීරණය කර තිබේ.

මෙම නව ජනබලවේගය ගොඩනැගීමේ බලාපොරොත්තුව රට ජාතිය පත්ව ඇති ආගාධයෙන් ගොඩ ගැනීම බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ සඳහන් කළහ.

සිර දඬුවමින් නිදහස් වී පැමිණි ඥානසාර හිමියන් හමුවට ආ බොහෝ පිරිස් විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඥානසාර හිමියන් මෙම තීරණයට එළැඹි ඇතැයිද නන්ද හිමියෝ පවසති.

මෙම නව බලවේගය හෙට දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ දී පැවැත්වෙන අධිෂ්ඨාන පූජාව කින් කටයුත්ත ආරම්භ කරන බවද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා ලබා ගන්නා බවද හිමියන් තව දුරටත් කීහ.

40,914 Viewers

26 Comments to “ඥාණසාර හිමියෝ තවත් ප‍්‍රමාද නොවෙති… නව ජනබලවේගයක් හෙටම හදයි..”

  1. සේනක says:

    කලු සුද්දන්ගේ මායම්වලට හසු නොවේවා…!

    • රටට හිතැති says:

      මට මහන්සියි බනක් භාවනාවක් කරගෙන ඉන්නව කියපු මිනිහා සිරිසේනයි තිලන්ගයි හම්බ වෙලා ගාන කතා කරගෙන දැන් නව බලවේගෙ හදලා ගෝටගෙ චන්ද කඩන්න යනවා.

      • ලක්මල් says:

        ජාතියක් අගමක් නැති උන්ට
        දේශපාලන මනසක් හා කඩේ යාම් පමනයි…
        උබලට බොම්බ ගැහවත් political ගොන් කම තාම එහෙමයි

  2. Saradiyel says:

    Our next leader

  3. sunimal says:

    ජනබලයට ජයවේවා බුදු සරණයි අපි ඔබ වහන්සේ සමගයි

  4. SL says:

    Do we need this at this juncture ! Armed force is at it’s full swing why we need big gathering and make big chaos.
    Learn from Rev.Malchom Ranjith and his leadership,how to make a big impact to the society without a big noise !

    Gvt should stop this!

  5. රත්න says:

    225 එපා කියන ජනමතය හයිජැක් කරන්න මේ නෝර්වේ හිවලා දඟලනවා.
    එංගලන්තයේ ජපානයේ නෝර්වේ සල්ලිවලින් ජනබලය හරවන්න මේ නරියට පුලුවන්ද

    • සේනක says:

      අපි බලමු හිමියන් කලු සුද්දන්ගේ මායම්වලට හසු වේද කියා….කලු සුද්දන්ගේ ගැටවලින් පිඩාවට පත් අයට මෙහෙම චෝදනා නැගීම සුදුසුද?

  6. Sinnaporan says:

    ranita taru penevi

    • ලක්මල් says:

      අපි ඔබ වහන්සේ සමගයි…
      අපි political උන්ගේ ගොන් මතයට යටවෙන් නෑ…

  7. SL says:

    මොන කෙන්ගේඩියකට මිනිස්සු පාරට ගෙනෙනවද ??? වැරදිලාවත් එක තැනකින් ගලක් ගහල මිනිස්සු ඇවිස්සුනොත් මොකද කරන්නේ ,???? කවුද පාලනය කරන්නේ ?? මිනුවන්ගොඩ , කුලියා පිටිය අනවශ්‍ය ප්‍රශ්න වලින් කාටද වාසි ලැබුනේ , කාටද පාඩු වුනේ ???

    බොදු බල සේනාවේ තියෙන ” අහන්නේ නැති ගුණය ” නිසා දිගන , දර්ගා නගර වල සිදුවූ විනාශය සහ එයින්ම සිංහල,බෞද්ධයා වෙත එල්ලවූ විවේචන අමතක වෙලා වගේ. මුස්ලිම් අන්තවාදයට 83 වගේ චන්ඩි කම් දාල අල කරගන්නවද , මොලෙන් ගහල ප්‍රශ්නේ විසදනවද කියල බොදු බල සේනාව තීරණය කරගත යුතුය .ආවේගයට රටක් වනසන්නටත් හැකි බව 83 කලබලවලින් අපි පාඩමක් ඉගෙන ගත්තා නම් !!

    • UD says:

      you wrong

    • Janathaawa W says:

      Your any endeavour should go in line with the wishes of the people,which was shown at the last local election.Please donot fall prey to the hidden motives of the opportunistic power greedy politicians whose aim are to split the patriotic votes so as to make way for current unpatriotic rulers to come to power again.All the patriotic people should get together under one banner.

  8. Sam Fernando says:

    People are vigillent what you are upto.

  9. Ravana Parapura says:

    අපේ ඉතිහාසය පුරා විටින් විට අමතක නොකළ හැකි මහා සංඝයා වහන්සේ බිහිවිය. සමහරු අද්විතීය ධර්ම ඥානය නිසා ද, සමහරු ධර්ම චතුර ධර්ම දේශකත්වය නිසාද, සමහරු භාවනා වෙන් ලත් ප්‍රතිපල නිසාද, සමහරු එතුමන්ලා වහන්සේලා ලිවූ ධර්ම ලේඛන නිසාද, අමතක කල නොහැක. නිර්භීතත්වය ගැන ප්‍රසිද්ධ ස්වාමින්වහසේලා නම් අල්පය බුද්ධාගම වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබූ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් වාරියපොළ සුමංගල හිමියන්ය. ඉංග්‍රීසින්ගේ කොඩිය බිමට ඇද, නැවත සිංහල කොඩිය එසවූයේත් දළදා වහන්සේ ඉංගිරිසින්ට අයිතිවන්නට නොදී, සිහලයන්ට ගෙන ගොස් දී සිරගත්වුයෙත් ඒ වීරයාණන් වහන්සේය.

  10. ක්‍රිමිනල් says:

    ඔන්න අපේ සිංහලයගේ හෙළුව. අපේ හාන්දුරුවන්ව නිදහස් කරගන්නකම්ම , එකා වගේ හඩක් නැගුවා ,උන් වහන්සේව නිදහස් කරගත්තට පස්සේ ආපහු බත්බැලයො ටික පාට පක්ශ බදාගෙන උන් වහන්සේගේ තින්දූ තීරන වලට ගරහනවා , හම්බයෝ සිංහලයට නෙලන එක අහන්නත් දෙයක් ද බොල. තොපි වගේ කාලකන්නි ඉන්නකං මේ රට හදන්න බෑ. දේශපාලණ ප්‍රවේණී දාසයො/දාසියො. අඩු කුලේ පර හැත්ත.

  11. Love nature says:

    බුදු පුතුනි

    අත්සන් තබයි ගිවිසුම මඟුල් මඩුවේ
    එකවර නැගුණි ඉංග්‍රීසි කොඩිය ගුවනේ
    ගත වෙවුලා යයි එක හිමි නමකගේ
    නොබියව යයි ඉදිරියට සිංහයකු වගේ

    ඔසවා නැවත උදාර සිංහල කොඩිය
    බිමට දමා පාගා ඉංග්‍රීසි කොඩිය
    වාරියපොළ ශ්‍රී සුමංගල හිමි පෙන්වූ එඩිය
    සිංහල ජාතියේ එඩිතර අභිමානය

    දළදා වහන්සේ රුකුමට කැප වූ හිමි
    උදාර අරමුණින් කටයුතු කළා හිමි
    අයුක්තියට එරෙහිව නැගී සිටි හිමි
    රට වෙනුවෙන් කළ මෙහෙවර නිම නොවුණි

  12. Dushantha says:

    මහනායක උන්නාන්සෙලාගෙන් මොන අනුසාසනාවක් අර ගන්ඩද? අපේ මහනායක උන්නාන්සෙලා හිටියත් නෑ වගේනෙ. මහනායක උන්නාන්සෙලාට කොන්ද පන තියනවනන් මේ රටට මෙහෙම වෙන්නෙත් නෑනෙ.

  13. danuskha says:

    ඔය ජන බලවේග ඇති කිරීමෙන් වෙන්නේ ගෝඨාභය රාජපක්ශයේ ඡන්ද ටික කඩන එක පමණයි. අනේ අපේ හාමුදුවනේ ටිකක ඉවසන්න. ඊයේ කිව්වේ දැන් බනක් බාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවයි කියලා. ඔය හැම වියාපාරයක්ම පටන් ගන්න ජනාධිපති ඡන්දෙන් පස්සේ

  14. kapila says:

    අපේ හාමුදුරුවනේ ගන්න මෙරට හරි අතකට ගෙනියන මග ඔබ වහන්සේගේ නායකත්වයෙන්.ඔය ජරා ජීර්ණ වුන හොර රැල පන්නන පිම්ම.අපි ඔබ වහන්සේ සමගයි .

    දැන් තමයි මේ රටේ සිංහල බෞද්ධ අපට නියම සිංහයා , සිහ නාද පටන් ගත්තේ…

    බුදුසරණයි

  15. Buddhist says:

    Anna Gnanasarage bailawa. Meketa ne Maithripala muwa nidahas kare?

  16. Sadda says:

    පූජනීය ස්වාම්න්වහන්ස, සිංහල ජාතිය වෙනුවෙන් ඔබවහන්සේගේ හඩ අවධි කිරීම නිසා ඊනියා යහපාලනයෙන් සිරගතවූ ඔබවහන්සේව ඔවුන් විසින්ම නිදහස් කිරීම පිලිබඳව අතිශයින් සතුටට පත්වුනෙමු.
    ඉදිරියේ අපහට එලැබෙන්නේ අතිශයින්ම අභියෝගාත්මක කාලයකි.
    එනම්, සුලු ජාතින්ගේ අනට කීකරුව බහුතර ජනයාව රවටමින්, රට විකුනමින්, යන අදූරදර්ශි රජය පලවාහැර සිංහල බහුතරයකින් හා මැදිහත් සුලුජන කොට්ටාශ වලින් සමන්විත දේශප්‍රේමි ආන්ඩුවක් නිර්මාණය කිරීම එම අභියෝගයයි.
    රටේ අහිවෘද්ධ්‍ය වෙනුවෙන් කටයුතු කිරීමට ඊනියා යහපාලන රජය මුලුමනින්ම අපොහොසත් වී ඇතිබැව් ඇස් පනාපිට පෙනේ.
    තවද ,2018 පෙබරවාරි 10 මැතිවරනයෙන් ජනතා අපේක්ශාවන් දෝලනය වන ආකාරය හොදින්ම පැහැදිලිවී ඇත..
    බහුතර සිංහල ජනතාවගේ චන්ද බෙදා ඔවුන්ගේ ශක්තිය අඩුකිරීමට විවිධ් අපේක්ශකයින් ඉදිරිපත් වෙන බවට ඉගි පලවෙමින් ඇත.

    එබැවින් ඔබවහන්සේගෙන් නමස්කාරපූරකව ඉල්ලා සිටින්නේ බහුතර සිංහල හා අනෙකුත් ජනතාව මේවන විට ඒකරාශී වෙමින් පවතින මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කන්ඩායමට සහ රටට අගතියක් නොවන අයුරින් ඉදිරි තීන්දු ගන්නා ලෙසය.

  17. Vitharandeniya says:

    දැන්වත් ගොන් වාහෙලට තේරෙනවද සිරිසේන මේ ස්වාමින්වහන්සේ එලියට දැම්මේ අයි කියල.. තොපිට ලැබෙන්න හිටපු විශිෂ්ඨ නායකයා ගේ ඡන්ද වලට කෙලින්න.. දැන් අලුත්ම ගුන්ඩුව සමාජයේ ඇති දැවෙන ප්‍රශ්නයක් අරගෙන කෑගහල ඒකෙන් මිනිස්සු අන්දන එක.. ඔලු ගෙඩි වලට හෙනගහලද සිහළුන්නේ ?

  18. Vitharandeniya says:

    දැන්වත් ගොන් වාහෙලට තේරෙනවද සිරිසේන මේ ස්වාමින්වහන්සේ එලියට දැම්මේ අයි කියල..

    තොපිට ලැබෙන්න හිටපු විශිෂ්ඨ නායකයා ගේ ඡන්ද වලට කෙලින්න.. දැන් අලුත්ම ගුන්ඩුව සමාජයේ ඇති දැවෙන ප්‍රශ්නයක් අරගෙන කෑගහල ඒකෙන් මිනිස්සු අන්දන එක.. ඔලු ගෙඩි වලට හෙනගහලද සිහළුන්නේ ?…xxx

Main News