ඥාණසාර හිමි අපිත් එක් වැඩ කරද්දී හරිම හොදයි.. දැන් තමයි සවුත්තු.. දැං ඉන්නේ මහින්ද එක්ක..- චම්පික

June 19, 2017 at 10:59 pm | lanka C news
ඥාණසාර හිමි අපිත් එක් වැඩ කරද්දී හරිම හොදයි.. දැන් තමයි සවුත්තු.. දැං ඉන්නේ මහින්ද එක්ක..- චම්පික

ජාතික හෙළ උරුමය බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ දී විශේෂ මාධ්‍ය හමුවක් සුදානම් කර තිබිණි.

ඒ සඳහා මධ්‍යම කාරක සභික පුජ්‍ය බුදුගල ජිනවංස හිමි, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා හා නියෝජ්‍ය ලේකම් හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ කරණසුර්ය මහතා සහභාගි විය.

එහිදී පාඨලි චම්පික රණවක මහතා කියා සිටියේ ‘බොදු බල සේනාවේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේ සගවාගෙන සිටින බවට මට හා අප පක්ෂයට කරන චෝදනාවන් අමුලික බොරුවක් බවයි. මෙසේ ප්‍රකාශ කරන්නේ 2020 දී ජනාධිපති සිහිනය හිස්ගෙඩිවල තවරගත් මාධ්‍ය සදාචාරයක් නැති මාධ්‍යකරුවන්. ඤාණසාර ස්වාමීන් වහන්සේ සඟවාගෙන සිටිනවා යැයි අපෙන් ප්‍රශ්න කරන අය මුලින්ම අහන්න ඕනෑ උන්වහන්සේට නීති ආධාර දෙන ජනාධිපති නිතීඥයාගෙන්. ඒක අපෙන් අහලා හරියන්නේ නැහැ. කවුද මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්මන්පිල උසාවි යන විට එතුමාලා වෙනුවෙන් පෙනි සිටින නීතිඥයා. අපෙන් අහලා වැඩක් නැහැ ඒ අයගෙන් තමයි අහන්න ඕනෑ.

මේවා දේශපාලන අදබාලයන්ගේ ක්‍රියාවන්. ඤාණසාර ස්වාමින් වහන්සේ අප සමග 2004 දි විනයක් ඇතුව වැඩ කලත් අපගෙන් ගිලි ගියාට පසුව එනම් 2005 ගරු එක්සත් ජාතික පක්ෂයට එනම් රනිල් වික්‍රමසිංහ මහතා උදව් කලා. තවද 2010 දි සරත් ෆොන්සේකාට උදව් කලා. ඒ විතරක් නොවෙයි 2015 දි තිස්සවිතාරණ හරහා මහින්ද රාජපක්ෂ මහත්තයාටත් උදව් කළා. 2002 ජාතික සංඝ සම්මේලනය පිහිටුවන විට ඒ සඳහා නායකත්වය ලබා දුන් පුජ්‍ය එල්ලාවල මේධානන්ද නායක හිමි පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි කොටපොල අමරකිත්ති නාහිමි වැනි විනය ගරුක භික්ෂුන් එක්ක වැඩ කරන කොට ඤාණසාර ස්වාමින් වහන්සේ විනයක් ඇතිව වැඩ කල බව කියන්න ඕනෑ. රාජ්‍ය නොවන අයතනවල වැඩ කල ඩිලන්ත විතාන වැනි අය සමග වැඩ කරන විට මෙවැනි සිදුවීම් සිදු විම අරුමයක් නොවබව කියා සිටිහ.

පසුගිය ඉරිදා දිවයින පුවත් පතේ ඇති සිදු වීමක් උපුටා දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ,  දිලිප් ජයවීරගේ දෙරණ රූපවාහිනියද යොදාගෙන තමන්ට අමුලික චෝදනා එල්ල කරන බවත් ජනමාධ්‍යයට අවම සදාචාරයක් හෝ තිබිය යුතු බවත්ය. එසේම සිංහලයෙන් කියන දේවල් ලොකු අකුරෙන් පුවත් පත්වල පළ වුවත් දෙමළ භාෂාවෙන් කියන දේවල් ඒ අකාරයෙන් පල නොවන බවත් කියා සිටි ඇමතිතුමා ඒ පිළිබඳව ද බුද්ධි අංශ විමර්ශන කළ යුතු බවත් කියා සිටින ලදි.

තවද සිංහල දෙමළ, මුස්ලීම් ක්‍රිස්තියානි කවුරු කලත් වරද වරදක් බවත් කාටත් එක නීතියක් අවශ්‍ය බවත් කියා සිටිහ. වර්තමාන ලෝකයේ මෙවැනිම ප්‍රවනතාවයක් මතුව ඇති බවත් 2016 වර්ෂයේත් ඇමරිකාවේ මුස්ලිම්වරුන්ට ප්‍රහාර 2600පමණ එල්ල වෙලා තියෙනවා. ඒවගේම ජර්මනියේ පල්ලි මේ වනවිට 91ක් ප්‍රහාරවලට ලක්වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ එංගලන්තයේ හැම රටකම වාගේ ආගමික ස්ථාන වලට පහර දිමේ ප්‍රවනතාවයක් ගොඩ නැගි ඇතිබවත් කියා සිටිහ. මෙම තත්වය ලංකාවට පමණත් නොවන අතර අද වන විට හින්දු ආගමික ස්ථාන ද මුස්ලිම් පල්ලි ද ක්‍රිස්තියානි පල්ලිද ගොදුරක් වී ඇති බව කියා සිටියහ.

එසේම ඉස්ලාම් ආගමේ එන සුන්නි හා ෂියා ආගමික ගැටුම් නිසා ඝාතන පවා සිදුවී ඇති බවත් මේ සියලු දේට එක් නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් සයිටම් කළමනාකරු සමීරට නීතිය එක ආකාරයටත් ස්වාමින් වහන්සේලාට තවත් ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බව පෙන්වා දෙන ලදි.

අද වන විට උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ පුරාවස්තු හා බෞද්ධ පුරාවස්තු  විශාල වශයෙන් විනාශ කර ඇති බවත් ඒ සඳහා ද අවශ්‍ය පියවර ගත යුතු බවත් කියා සිටියහ. දෙමළ මුස්ලිම් මෙන්ම සිංහලයන් ද උතුරේ අවතැන්ව වී ඇති බවත් සුදුසු ස්ථානවල පදිංචි කල යුතු බවත් කියා සිටිහ. උතුරු නැගෙනහිර සිංහලයන් පදිංචිකරවීමට ජාතික හෙළ උරුමය ලෙස අප මැදිහත් වූ බවත් මාධ්‍ය වේදියෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්  අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිමින් ඒ හැම විටම අප යුක්ති සදාචාරය වෙනුවෙන් පෙනි සිට බව සිහිපත් කරන ලදි.

තවත් මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2013 කාලයේ දී බොදු බලසේනා සංවිධානය කරන ලද මහරගම බොදු සමුළුව නවත්වන්නට සෘජුව මහින්ද රාජපක්ෂ කටයුතු කළ බවත් එයට උඩිගෙඩි දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා ද එදා විරුද්ධව නැගී සිටි බවත් අප එම අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර සිටියේ එම අවස්ථාව වන විට බොදු බලසේනා සංවිධානය නීති විරෝධී හෝ ප්‍රජාතන්ත්‍රවිරෝධී යමක් සිදුකර නැතිනම් එම සාමකාමි රැස්විම පැවැත්වීමට ඉඩදිය යුතුබව අපේ ස්ථාවරය ලෙස දක්වා සිටියා. තවද කූරගල දෙවනගන වැනි බෞද්ධ ස්ථාන ආරක්ෂා කර ගැනිම සඳහා අප පක්ෂයේ ස්වාමීන් වහන්සේලා සෘජුව මැදිහත්ව ක්‍රියාකළ ආකාරය පෙන්වා දෙන ලදි.

ජාතික හෙළ උරුමය
මාධ්‍ය ඒකකය

37 views

3 Comments to “ඥාණසාර හිමි අපිත් එක් වැඩ කරද්දී හරිම හොදයි.. දැන් තමයි සවුත්තු.. දැං ඉන්නේ මහින්ද එක්ක..- චම්පික”

  1. wajira says:

    වෙලාවකට මහින්ද ඒපා කියනවලු ගෝඨා හා කිවුවාලු. දැන් කියන බොරැයි ඉස්සර බොරැයි මුන්ට පැටලිලා !!! 

  2. SUKI says:

    Mu Niyama Vinaya Garuka Porrak. Boru Pappa. Wala.

Main News