ඥාණසාර හිමි ඇල්ලුවේ නැත්නම් ආණ්ඩුවන් යනවා කී මුස්ලිම් මැති ඇමැතිලා රෙදි ගලවා ගනී.. රිෂාඩ්-හකිම්-ෆයිසර්ලා නිහඬ කලේ කවුද…

June 22, 2017 at 12:00 pm | lanka C news
ඥාණසාර හිමි ඇල්ලුවේ නැත්නම් ආණ්ඩුවන් යනවා කී මුස්ලිම් මැති ඇමැතිලා  රෙදි ගලවා ගනී.. රිෂාඩ්-හකිම්-ෆයිසර්ලා නිහඬ කලේ කවුද…

ආණ්ඩුව කියු පරිදි මෑතකදී ඇතිවි තිබෙන ජාතිවාදී උනුසුම පිටිපස සමහර දේශපාඥයන් මෙන්ම සිංහල දෙමළ මුස්ලිම් අන්තවාදීන් සිටින බව දිවා රෑ රජයේ ප්‍රවෘත්ති හරහා ප්‍රකාශ විය.

එමෙන්ම මෙහිදී ආණ්ඩුවේ නායකයින් වැඩිපුර චෝදනා එල්ල කරමින් පැවසුවේ බොදු බල සේනාව පිටුපස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිටින බවයි.

මෙම තත්ත්වය හමුවේ දැනට ආණ්ඩුව සමඟ මැති ඇමති වරප්‍රසාද ඉහළින්ම භුක්ති විදිමින් සිටින පාර්ලිමේන්තුවේ සිටින මුස්ලිම් මැති ඇමතිවරු 21 දෙනා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කොට බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වහාම නිතීය ඉදිරියට ගෙන ආ යුතු බවත් නැත්නම් එම කණ්ඩායම ස්වාධීනව විපක්ෂයේ අසුන් ගන්නා බවයි.

මේ අනුව උන්වහන්සේට විරුද්ධව ජාතිවාදී ප්‍රකාශ කිරීම් සහ මුස්ලිම්වරුන්ට අපහසුවන අන්දමින් කටයුතු කිරීම මත පොලිසිය විසින් චෝදනා 21 ක් ගොනුකර තිබු අතර ඒ වෙනුවෙන් පොලිසිය ඉදිරිපත් පත් කල බී වාර්තා අනුව වහාම උන්වහන්සේ අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් වරෙන්තුවක් ද නිකුත් කරගෙන තිබුණි.

එහෙත් හදිසියේම සියල්ලම වෙනස් වුයේ යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවාගත් පොලිස් කොමිසමක් ඉදිරියේ පාලනය වන ශ්‍රීලංකා පොලිසිය ක්‍රියාකාරකම් නිසාය.

අධිකරණය ඉදිරියේ මහත් අසීරුතාවයට පත්වෙමින් පොලිසිය පැවසුවේ අත් අඩංගුවට ගැනීමට මහා රෑ මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ බී වාර්තාවක් ඉදිරිපත් කල පොලිසියම චෝදනා 21 ක් සම්බන්ධව අධිකරණය ඉදිරියේ මුනිවත රැකීමයි.

ඒ අනුව පොලිසිය ඥාණසාර හිමිට ඇප දීමට විරුද්ධ නොවීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තුමාගේ ප්‍රකාශය මගින් රටේ පොලිසිය කොතරම් අසරණ හා හෑල්ලුවට ලක් වී ඇද්ද යන්න ඉතා පැහැදිලිය.

මේ සියලු කරුණු ඉදිරියේ ආණ්ඩුවෙන් යනවා කියු මුස්ලිම් මැති ඇමැති 21 දෙනා සුපුරුදු පරිදි ඕනම ආණ්ඩුවක් යටතේ තමන්ට හම්බකරගැනීමට අවස්ථාවක් ලැබේ නම් අනික් සියලු දේ ඒ වෙනුවෙන් කැප කිරිමේ නියායට යමින් පසු බැස ගොස් සිටින ආකාරය පැහැදිලිවේ.

21 views
Main News