ඥාණසාර හිමි ගැන හෝඩුවාවක් ලැබේ.. පොලීසිය පසුපස පන්නයි..

June 9, 2017 at 3:50 pm | lanka C news
ඥාණසාර හිමි ගැන හෝඩුවාවක් ලැබේ.. පොලීසිය පසුපස පන්නයි..

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සැගවී ඇති ස්ථානයක් ගැන පොලීසියට හෝඩුවාවක් ලැබී ඇති අතර ඒ ඔස්සේ මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ඥාණසාර හිමියන් අතුරුදහන්ව ඇතැයි පැවසෙන්නේ අනුරාධපුර පැවති ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී ඉබ්බාගමුව ප්‍රදේශයේ ඇති පොලිස් මාර්ග බාධකය ආසන්නයේදීය.

ඒ අනුව පොලිසිය විසින් ඒ අවට ප්‍රදේශවල විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර එම ප‍්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේලා දෙනමක් ගැනද තොරතුරු සොයා බලමින් සිටිති.

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ විශේෂ ඒකක හතරක් යොදවා ඇත.

93 views
Main News