ඥාණසාර හිමි පෙබාරවාරි 04 දා නිදහස් කර ජනාධිපතිවරණයෙන් ගෝටා පරාජය කරවීමේ කුමන්ත්‍රණයක්..
January 21, 2019 at 10:40 pm | lanka C news
සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී නිදහස් දිනයේ දී නිදහස් කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.
එහි කැඳවුම්කරු මේදය අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරන්නේ ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ආණ්ඩුකාර අසාද් සාලි මැදිහත්ව සිටීම ඉතාමත් දැක සහිත බවයි.
ඥානසාර හිමියන් නිදහස් කිරීමට ඉදිරි ජනාධිපතිවරණය පසුවන කෝ කල් දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.
යම් ලෙසකින් ඥානසාර හිමියන් නිදහස් කළහොත් ජනාධිපතිවරණය ඉහත තරඟ වදින ගෝඨාභය රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාවගේ ඡන්ද අහිමි කරවීමේ කුමන්ත්‍රණයක් ඥානසාර හිමියන් හරහා ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද ඒ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින සඳහන් කළේය.
thitha aththa ………….
Ehenam ඤාණසාර නිදහස් kala yuthi.
Mokada Gota okata baya nane…