ඥාණසාර හිමි පෙබාරවාරි 04 දා නිදහස් කර ජනාධිපතිවරණයෙන් ගෝටා පරාජය කරවීමේ කුමන්ත‍්‍රණයක්..

January 21, 2019 at 10:40 pm | lanka C news
ඥාණසාර හිමි පෙබාරවාරි 04 දා නිදහස් කර ජනාධිපතිවරණයෙන් ගෝටා පරාජය කරවීමේ කුමන්ත‍්‍රණයක්..

සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී නිදහස් දිනයේ දී නිදහස් කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

එහි කැඳවුම්කරු මේදය අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරන්නේ ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ආණ්ඩුකාර අසාද් සාලි මැදිහත්ව සිටීම ඉතාමත් දැක සහිත බවයි.

ඥානසාර හිමියන් නිදහස් කිරීමට ඉදිරි ජනාධිපතිවරණය පසුවන කෝ කල් දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

යම් ලෙසකින් ඥානසාර හිමියන් නිදහස් කළහොත් ජනාධිපතිවරණය ඉහත තරඟ වදින ගෝඨාභය රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාවගේ ඡන්ද අහිමි කරවීමේ කුමන්ත්‍රණයක් ඥානසාර හිමියන් හරහා ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද ඒ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින සඳහන් කළේය.

129 views

13 Comments to “ඥාණසාර හිමි පෙබාරවාරි 04 දා නිදහස් කර ජනාධිපතිවරණයෙන් ගෝටා පරාජය කරවීමේ කුමන්ත‍්‍රණයක්..”

  1. Kumari says:

    ඥානසාර හිරේ ගියේ විශේෂ වරදක් මතය. ඒ අධිකරණයට අපහාස කිරීමය. එහිදී ඔහු අපහාස කෙළේ විනිසුරුතුමාට සහ රජයේ නීති නිලධාරීන්ට ය. ඔහුගේ අභියාචනය ‌ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලන්නේවත් ‌නොමැතිව විසිකර දැම්මේය. වරද ඒ තරම්ම බරපතල ය. ඔහුව නිදහස් කිරීමට නම් අපහාසයට ලක් වූ විනිසුරුතුමා සහ රජයේ නීති නිලධාරීන් ඊට කැමැති විය යුතුය. එසේ නොමැතිව එවැනි පුද්ගලයෙකුට ජනාධිපති සමාව දෙනවා යනු ජනාධිපති විසින් විනිසුරුවරුන්ට සහ රජයේ නීති නිලධාරීන්ට කරනු ලබන තවත් බරපතල අපහාසයකි.

  2. මම දන්න හැටියට මක්කසාර නක්කමට යන්වෞ????????????????

  3. Darshana says:

    ගොඨාට මුස්ලිම් චන්ද ටික ගන්නකන් ඥනසාර හාමුදුරුවො හිරේ තියන්න ඔනේ. මුන්ම නේද මීට ටික කලෙකට කලින් සන්ගරත්නය අතඩන්ගුවට ගන්නව කිය කිය කෑගහපු සින්හල බෞද්දයො ටික. මුන්ගෙ බෞද්ධ කම රෙද්ද පල්ලෙන් බේරෙනව

  4. Mali says:

    Idiotic man what is the relationship with goat and Thero. Do not drag unnecessary thing to the equation to complicate simple thing.

  5. කපුටා says:

    Darshana… ඥනසාර හාමුදුරුවො එළියේ ඉද්දිත් කලේ ඔය වගේ වැඩ තමා . එලියට ගත්තොත් එන්නෙත් ඒ කුමන්ත්‍රණ වලටම තමා

  6. සමරා says:

    ඥාණසාර හිම් මොන අරගල කලත් රටේ නීතියටත් ගරුකල යුතුයි. වළං කඩේට පැන්න ගොනා වගේ නොහැසිරිය යුතුයි.

  7. maha says:

    0….ithin gota parada vaida ?

  8. Aba says:

    Because of Gnanasara, MR lost lakhs and lakhs Muslim votes at the laSTpRES ELECTIONS. hE WAS UNDOUBTEDLY SUPPORED BY nORWY AND WESTERN ALLIeS.

  9. Darshana says:

    සින්හල බෞද්ධකම මුන්ට බලය ලබා ගැනීම සදහා මාකටින් පාරක් විතරයි. ඡන්ද දෙක තුනක් ගන්න බුදු හාමුදුරුවො වුනත් විකුන ගනි. නල්ලමලේ අමෙරිකානු ජාතික සින්හල බෞද්ධයො.

  10. jagath says:

    rata asthawara karala rajapaksala chanden dinawanta atawana ugulak meka. apiwa andanta nam enna epa wimalo…!!!!

Main News