ඥාණසාර හිමි හිරේ දැමීම මට හරිම සතුටක්.. රටම ලද ජයග‍්‍රහණයක්..- සන්ධ්‍යා එක්නැලිගොඩ

June 15, 2018 at 9:20 am | lanka C news
ඥාණසාර හිමි හිරේ දැමීම මට හරිම සතුටක්.. රටම ලද ජයග‍්‍රහණයක්..- සන්ධ්‍යා එක්නැලිගොඩ

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිකරණය විසින් ලබා දෙන ලද දඬුවමෙන් තමන් සතුටටත්, සෑහීමකටත් පත්වන බව ප‍්‍රදීප් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය කියා සිටී.

මෙම දඬුවම හිංසාවට ලක් සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙස තමන් සලකන බවද ඇය කියා සිටී.

ඇය මෙම අදහස් පලක කරන ලද්දේ අධිකරණය තුලදී ඥානසාර හිමියන් විසින් බැණ තර්ජනය කිරීමට අදාලව වූ නඩුවේ තීන්දුව ලබා දීමෙන් පසුය.

362 views
Main News