ඥානසාර හිමිට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති චම්පික ඉඩ දී නෑ..

March 20, 2018 at 11:20 am | lanka C news
ඥානසාර හිමිට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති චම්පික ඉඩ දී නෑ..

පසුගිය රජය සමයේදී අලුත්ගම ප්‍රදේශයේ හටගත් හදිසි තත්ත්වයට සම්බන්ධවූ බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නොහැකි වූයේ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කළ බලපෑම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.

අලුත්ගම සිදුවූ අපරාධය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට කැබිනට් මණ්ඩලයත්, ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමත් ඉල්ලා සිටි විට එය වළක්වා ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටියේද අමාත්‍ය පාඨලී චම්පික රණවක බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

ඔහුගේ මතවාදයත්, අලුත්ගම සිදුවීමේදී හැසිරුණු ආකාරයත් පිළිබඳ අවධානය යොමු කළ විට පසුගිය දිනවල දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා දෙසට සැකය යොමුවීම නොවැළැක්විය හැකි කරුණක් බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ ඊයේ (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

– mawbima

48 views

17 Comments to “ඥානසාර හිමිට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති චම්පික ඉඩ දී නෑ..”

  1. Athula says:

    ජාතියකට ප්‍රශ්නයක් උනාම දෙමළ මන්ත්‍රීවරුන් එකතුවෙලා තීරණයක් ගන්නවා ,මුස්ලිම් මන්ත්‍රීවරුන් එකතුවෙලා තීරනයක් ගන්නවා නමුත් සිංහල මන්ත්‍රීවරුන් තීරනයක් ගන්නෙ ජන්දය බලලා නෑත්නම් ලැබෙන කුට්ටිය බලලා .

  2. KK says:

    ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ වගේ අයත් ඉන්න ඕනේ.

  3. diyasena says:

    bauddayata erehiwa katholika thrastha wadaya potha kiyawanna

Main News