ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…

November 16, 2021 at 6:20 am | lanka C news
ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

බදුල්ල ඇටම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘ඥානසාර හාමුදුරුවෝ කමිටුවක සභාපති හැටියට පත් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඔලමොට්ටල වැඩක්.

හාමුදුරුවන්ගේ යම් යම් වැරදි තියෙන්න පුළුවන් ඒ වැරදි ත් එක්ක ඒ කමිටුවේ සභාපතිනම හාමුදුරුවන්ට සුදුසු නෑ.

හාමුදුරුවන්ගේ යම් ඇත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් එවැනි කමිටුවක සභාපතිකමට උන්වහන්සේද සුදුසු නෑ. ඒ පත්වීම ඔලමොට්ටල කමක්’

35,874 views

18 Comments to “ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…”

  1. ඥානසාර says:

    අම්මෝ මුට තියෙන ඉරිසියාව අපි කාල ඇඳල ඉන්නකොට.

  2. Kalana says:

    ඇයි ? එහෙනම් සබ්රි ගේ ම මිනිහෙක් දාගෙන උන්ටම ඕන විදියට රට අල්ලගන්න ඉඩ හදල දීපල්ලා.

  3. සිංහල බන්ඩා says:

    ඥාණසාර හිමි වෙනුවට ජිහාඩියෙක් දැම්මා නම් මූ ඒකට සංහිඳියාව කියාවි.

  4. Saradiel says:

    මුට ඇමතිකමක් ගන්න කියන ඕලමොට්ටල කථා ගණන් ගන්න එපා

  5. අල්විස් says:

    ඩිලාන් කවදත් කඩේ ගියෙමුස්ලිම් අයට ඒ චන්ද ටිකට

Main News