ඥානසාර හිමි පාර්ලිමේන්තුවට..

October 16, 2021 at 5:32 pm | lanka C news
ඥානසාර හිමි පාර්ලිමේන්තුවට..

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු ධුරයට නම් කර තිබුණද එම පක්ෂය විසින් උන්වහන්සේගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඒ බව මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කරන ලෙස පක්‍ෂය විසින් ඉල්ලා තිබේ.

ඉන් අනතුරව මන්ත‍්‍රී ධුරය සදහා ඥානසාර හිමියන් සඳහන් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

අපේ ජනබල පක්‍ෂයට හිමි වූ මන්ත‍්‍රී ධූරය සඳහා රතන හිමියන් සහ ඥානසාර හිමියන් අතර එකඟතාවයක් ඇති වුවද රතන හිමියන් එම එකඟතාවය කඩා දැමූ බවට ඥානසාර හිමියන්ගේ පාර්ශවය චෝදනා කරයි.

63,253 views

19 Comments to “ඥානසාර හිමි පාර්ලිමේන්තුවට..”

  1. Man says:

    මෙම ඇතිවන පුරප්පාඩුවට කරුණා කර ගිහි කෙනෙකු පත් කර ගන්න. පැවිද්දන් ට ඇත්තේ අනුසාසනා කිරීමයි. පාර්ලිමේන්තුවට ගිහි අය පමණක් තෝරා ගන්නා ක්‍රඹවේදයක් යදන්න.

  2. Appuva says:

    Ikmanata Nivan yanna puluvan. Ane ape sasaneta giya kalak

  3. Athula says:

    රට ගිනි ගොඩක මුන්ට තනතුරු තාන්න මාන්න නොදකින්.. තව ලැජ්ජා නැතුව චීවරයක් දාගෙන… ජනතාවනි තේරුම් ගනිල්ලා මුන් වෙස්වලාගෙන ආ දේශද්‍රෝහීන්

  4. Kubukage says:

    Thawa kalakanni hal paluwek parlimentuwata. Mun okkomatama wahe nathi hena aduwak nathuwa labewa.

Main News