ටයිකොන්ඩෝ සංගමයේ දරු දැරියන්ගේ ටයිකොන්ඩෝ සංදර්ශනයේ දී ක්‍රීඩා භාණ්ඩ…
March 2, 2019 at 2:06 am | lanka C news
රත්නපුර ධර්මපාල ටයිකොන්ඩෝ සංගමය මගින් සංවිධානය කරන ලද ටයිකොන්ඩෝ සංදර්ශනයක් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවගේ සහභාගීත්වයෙන් සබරගමුව පළාත් සභාවේ සභාපති, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර මහා නගර සභාවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙවර එම සංදර්ශනය පවත්වනු ලැබුයේ සිව්වන වරටය.
ප්‍රවීණ පුහුණුකරු, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ජාතික විනිසුරු මංජුල ප්‍රේමකුමාර මහතා යටතේ මෙම ක්‍රීඩකයින් පුහුණුව ලබති. මෙම සංදර්ශනයේ දී ක්‍රීඩික ක්‍රීඩිකාවන් පෑ විවිධ දස්කම් හා කුසලතාවයන් ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් ප්‍රසාදයට ලක් වූ අතර එම ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට ඉදිරිපත්ව පදක්කම්, කුසලාන හා සහතික දිනා ඇති අය වෙති.
මෙම සංදර්ශන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොරියානු ජාතික ටයිකොන්ඩෝ පුහුණුකරු කී සූ ලී මහතා, රත්නපුර මහා නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීතුමන්ලා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජ, ආරාධිතයින් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී විය.
මෙම උත්සවයේ දී කංචන ජයරත්න මහතා ගේ ප්‍රතිපාදන යටතේ ටයිකොන්ඩෝ ක්‍රීඩා භාණ්ඩ විශාල ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ නියුතු පාසල් අතර බෙදා දීම සුවිශේෂි සිදුවීමක් විය.
ඊට අමතරව ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය මගින් පිරිනමන ලද භාණ්ඩ රැසක් පාසල් හා ක්‍රීඩා සංගම් අතර බෙදා දීමද සිදුවිය. මෙවර ගරු කංචන ජයරත්න මහතාගේ අනුග්‍රහයෙන් මෙලෙස ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම සිදුවූයේ පස්වන වරටය.
– මංජුල ප්‍රේමකුමාර
I think this may be one promotion campaign of kanchana jayaratne.