ටයිකොන්ඩෝ සංගමයේ දරු දැරියන්ගේ ටයිකොන්ඩෝ සංදර්ශනය
February 21, 2019 at 2:03 am | lanka C news
රත්නපුර ධර්මපාල ටයිකොන්ඩෝ සංගමය මගින් සංවිධානය කරන රත්නපුර ටයිකොන්ඩෝ සංගමයේ දරු දැරියන්ගේ ටයිකොන්ඩෝ සංදර්ශනය සබරගමුව පළාත් සභාවේ ගරු සභාපති, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ගරු සභාපති, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 පෙබරවාරි මස 23 (සෙනසුරාදා) වන දින ප.ව 03.00 ට රත්නපුර මහා නගර සභාවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙම සංදර්ශනයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 ක් සහභාගිවීමට නියමිත අතර මෙවර එම සංදර්ශනය පවත්වනු ලබන්නේ සිව්වන වරටය.
ටයිකොන්ඩෝ ක්‍රීඩාව පිලිබඳව ප්‍රවීණ පුහුණුකරු, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ජාතික විනිසුරු, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමේ උප සභාපති, රත්නපුර ධර්මපාල ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජයේ සභාපති මංජුල ප්‍රේමකුමාර මහතා මෙම ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු සහ සංදර්ශනයේ සංවිධාන කටයුතු සිදු කරයි.
මංජුල ප්‍රේමකුමාර මහතා යටතේ පුහුණුව ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ වන විට දිවයින තුළ විශීෂ්ඨ දස්කම් පා තිබෙන අතර ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට ඉදිරිපත්ව පදක්කම්, කුසලාන හා සහතික දිනා ඇත.
මෙම සංදර්ශන අවස්ථාවට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජ, ආරාධිතයින් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
මෙම උත්සවයේ දී කංචන ජයරත්න මහතාගේ පළාත් සභා උපමාන පාදක අරමුදල් යටතේ මිළදීගත් ටයිකොන්ඩෝ ක්‍රීඩා භාණ්ඩ පාසල් අතර බෙදා දීමටද කටයුතු සංවිධානය කර ඇත.
– මංජුල ප්‍රේමකුමාර