ට්‍රම්ප් මහතාගේ යථාවාදී තථාකාරී ගුණය ඉස්මතු වේවා…

January 21, 2017 at 10:00 am | lanka C news
ට්‍රම්ප් මහතාගේ යථාවාදී තථාකාරී ගුණය ඉස්මතු වේවා…

ඇමරිකා එක්සත් ජනපද අභිනව ජනාධිපති ලෙස ජන්දයෙන් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී වොෂින්ටන් නගරයේ දී දිවුරුම් දෙන ලදි. අත් මේස් පැළද සිටි සිය සුරූපී බිරිද රැගෙන ආ බයිබල් දෙකක් මත සිය වම් අත තබා හෙතම දිවුරුම ලබා දෙන ලදි. ඉන් එක් බයිබලයක් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති දිවුරුමට යොදා ගත් බයිබලයයි. අනෙක ට්‍රුම්ප් මහතා 1955 වසරේ දී ප්‍රේස්බෙටරියන් ඉරිදා පාසලින් සමත් වූ පසු සිය මව තෑගි කල බයිබලයයි. ඇමරිකා එක්සත් ජනපද නව ව්‍යවස්ථාව රැක ගනිමින් කටයුතු කිරීමට දෙවියන් වහන්සේගේ උදව්ව ඉල්ලීම මෙම දිවුරුමේ දී සිදු කෙරේ (help me god). මෙම දෙවියන් කවුද යන වග ගැන විවිධ අයට විවිධ අදහස් තිබිය හැකිය (මගේ විශ්වාසය නම් මේ මාර දිව්‍ය පුත්‍රයා නමින් බුදුදහමේ කියැවෙන අතිශය බලගතු ලෞකික දෙවියා බවයි).

දිවුරුමෙන් පසු නව ජනාධිපතිවරයා සිදු කළ කතාව ඉතා වැදගත් ය. එය ඇමරිකානු ජනාධිපතිවරයකු සිදු කල කෙටිම පදවි ප්‍රාප්ත කතාවක් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණ( මේ සමග මිනිත්තු 17ක එම කතාව දක්වා ඇත). ඉංග්‍රීසි තේරුම් ගත හැකි සියල්ලන් මෙය හොඳින් ශ්‍රවණය කල යුතුය.එම හැකියාව නැති අයගේ යහපතට කවුරුන් හෝ මුළු කතාවම සිංහලයට පරිවර්තනය කරන්නේනම් අගනේය. මෙහිදී ට්‍රුම්ප් ජනාධිපතිවරයා ඇමරිකානු ජාතිකත්වයට ආමන්ත්‍රණය කළ අතර වෙනත් ජනාධිපති පත්වීමකට වඩා මෙය වෙනස් වන්නේ ඇමරිකානු ජනතාවට බලය ලබා දෙන කාල පරිච්ජේදයකට මුල පුරන නිසා බව අවධාරණය කළේය. වියැකී යන “ඇමරිකානු අභිමානය” ඇමරිකානු ජාතියට යලි ලබා දෙන බව ඔහු සපථ කලේ ඔබාමා ඇතුළු පෙර ජනාධිපතිවරු කිහිප දෙනකු අසලින්ම සිටියදී ය. අපගේ ජීවන ක්‍රමය අන් ජාතීන් මත බලෙන් නොපටවන බවත් අන් ජාතීන්ට අප අනුකරණය කිරීමට සිතෙන මට්ටමට ඇමරිකානු ජීවන රටාව බැබලවීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය. ඇමරිකානු අභිමානය රැක ගැනීමට දෙවියන් වහන්සේගේ රැකවරණය ලැබෙන බව ට්‍රුම්ප් මහතාට දැඩි විශ්වාසයක් විය. ඔහු ඉතා අභිමානයෙන් ඒ බව පැවසීය ( most importantly we will be protected by god).

ට්‍රුම්ප් සිය මංගල කතාවෙන් කිවූ දේ සිදු කරතැයි අපට එතරම් විශ්වාසයක් නැත.ඔහු ඒ කියූ දේ කිරීමට ඇමරිකානු ඔත්තු සේවා සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉඩ දේ දැයි සැක සහිතය. ඇතැම් විට ජෝන් එෆ් කෙනඩි ආකාරයේ ඉරණමකට ඔහුට මුහුණ දීමට සිදු වනු ඇත (කෙනඩිට එකී ඉරණමට මුහුණ දීමට හේතු වුයේ වෙනත් කරුණුය). කෙසේ වෙතත් ටුම්ප්ගේ කතාවෙන් අවධාරණය කල දේ මුළු ලෝකයටම වැදගත්ය. විශේෂයෙන් අනේක දුක් ගැහැටට තර්ජනයට ලක් වන සිංහල ජාතියට වැදගත්ය. ට්‍රුම්ප් මහතා ගේ යථාවාදී තථාකාරී ගුණය ඉස්මතු වේවා යැයි අපි ප්‍රර්ථනා කරමු.

fb චන්න ජයසුමන


27 views

14 Comments to “ට්‍රම්ප් මහතාගේ යථාවාදී තථාකාරී ගුණය ඉස්මතු වේවා…”

  1. asdf says:

    Who the hell is Jayasumana??? This is the fellow who said that he got the cause of CKDU by consulting some woman who talks to “gods”.

    People like Jayasumana knows nothing about “science”. Just talking nonsense.

    • Saman says:

      What is the problem men ? simple jelousy ? What is the relation to science?
      Pissu kiyawan nathuwa hitapan matto minissunta apahasa nokara

      • ඉතාම වැදගත් says:

        දේශපාලනය හෙවත් තමුන්ගේ සුකවිහරණය වෙනුවෙන් සර්වආගමික පුට්ටු ගැන කතා කරන දේශපාලකයන් වෙනුවට තමුන්ගේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති ජාතිවාදී ආගම්වාදී ලේබලයට බය නැති නායකයෙක් වටා එක් වෙමු .අද ලෝකයේ පොලිටිකල් කොරෙක්ට්නස් නමැති බොරු සාධාරණත්වය හා සහජීවන බයිලා වලට තැනක් නැත .මුලු යුරෝපය පුරාම ජාතික වාදී රැල්ලක් නැගී එමින් තිබේ .තමුන්ගේ ජාතිය විකුණන දේශපාලකයන් මිනිස්සු ප්‍රතික්ෂේප කරමින් තිබේ .
        ඇමෙරිකාවේ හිටපු කළු ජනපති “ඉස්ලාමික ත්‍රස්තස්වාදීන් “යන වචනය කියන්නට බිය වූ කෙනෙකි එවැනි මගොඩින් පසුපස යන අපේ චන්ද්‍රිකා රනිල් මිනීමරු මස් වැද්දා වන ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් කිවේ අන්න ඒ පොලිටිකල් කොරෙක්ට්නස යන මෝඩ අදහස් අනුවයි .අද එවැනි අවස්තවාවාදින් විසිවෙමින් ඇත.
        ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා යයි කිවේය .සවුදි අරාබියාවට බැන වැදුනි .ඉස්ලාමික ත්‍රස්තවාදය යන වචනය බය නැතිව තමුන්ගේ පදවි ලබාගන්නා කතාවේදීද කිවේය .
        ඇමෙරිකානු ජනයා තමුන්ගේ ජාතිය ආරක්ෂා කරගන්න ආක්‍රමණිකයාට විරුද්දව ඩොනල් ට්‍රම්ප් දිනවිය .අපද මෙන්න මේ නව ලෝක ප්‍රවනතාව වටහාගෙන සිංහල කියන නම කියන්න බිය නැති නායකයෙක් ජනපති කරමු .සහජීවන බයිලා කියා අපි සියදිවි නසාගන්නේ ඇයි ?එසේම නව වියවස්තාවෙන් සිංහල ජාතිය ආරක්ෂා කිරීමට නව වගන්ති ඉල්ලා සිටිමු එසේම බුදුදහමට හිමිතැන නැති කිරීමට කිසිම ලෙසක ඉඩ නොතබමු

    • ධනපාල says:

      මඩ කරියෙක් පිස්සු කියවනවා. ගණන් ගන්න එපා ජයසුමන.

      • සුකී says:

        “ධනපාල ”
        මෙන්න බෝට්ටුවේ ගිහිල්ල ඇමෙරිකාවට හෙට අනිද්දා ට්‍රම්ප් ඩිපොට් කරාවි කියල හිතන අසරණයෙකුගේ ශෝකාලාපය

    • වකුගඩු රෝගියා says:

      වකුගඩු රෝගය ට හේතුව, ආසනික් බව මේ වන විට විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ තහවුරු වී ඇත. ලෝකයේ රටවල් ගණනාවක විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, වකුගඩු රෝග පර්යේෂකයින්, ආදීන් මේ වන විට ඒ බව පිළිගනිති. මේ පිළිබඳ වැඩි විස්තර චන්න ජයසුමන මහතා විසින් රචිත වකුගඩු සටන නම් කෘතියේ දක්වා ඇති අතර ඕනෑම අයෙකුට එම කරුනු පිළිබඳව ස්වාධීනව පරීක්ෂා කර බලා තමන් නිගමන රට ට ඉදිරිපත් කළ හැක. වකුගඩු රෝගයට හේතුව ආසනික් ය යන්න, තවදුරටත් දෙවියන් විසින් පමණක් කියන දෙයක් නොවේ. එය මේ වන විට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන් විසින් ද පිළිගන්නා සත්‍යයකි; එමෙන්ම, විද්‍යාත්මක පරීක්ෂණ මාලාවක් හරහා සනාථ වී ඇති කරුණකි. ඔබ හෝ වෙනත් කෙනෙකු හෝ ඒ බව ප්‍රතික්ෂේප කරයි නම්, ඒ අයට, වකගඩු සටන කෘතියේ අඩංගු කරුණු වලට, ශාස්ත්‍රීය අයුරින් අභියෝග කළ හැකි වෙයි. එහෙත් මෙතෙක් කිසිවෙකුත්, වකුගඩු සටන කෘතිය ට එරෙහි වී නොමැති වෙයි.

  2. දුගී_පුරවැසියා says:

    ලෝකය ජයගත් අපේ හිටංට ආරාධනාවක් ලැබුනා. නමුත් 26වෙනිදා පහුවෙනකන් ගමන බිමින්.

  3. ට්‍රම්ප් පරදිනතුරු නේදා අපේ අප්පේලා බලාසිටියේ දැන් ඉතින් දනගසා පස්සපැත්ත ඉඹිනවා මිස වෙන කලයුතු දෙයක් නැත​?

  4. LION says:

    congratulations!!!!!

    Hon .Donald J. Trump, We Salute you Sir
    Work hard for what you want because it won’t come to you without a fight. You have to be strong and courageous and know that you can do anything you put your mind to. If somebody puts you down or criticizes you, just keep on believing in yourself and turn it into something positive.
    May the Triple Gem Bless you Sir …..Please help Sinhalese people to protect their Motherland from racist Tamil & Fanatic Muslims

  5. sinha le says:

    ඉස්ලාමයට අබ සරණි

  6. Kelum Gamage says:

    mage post reach seema kara athi bawin meya palakaranna..

    • janaka says:

      උඹ කුණුහරුප ලියනවා ඇති වචනයක් ගානේ රටේ ජනාදිපතිට අගමැතිට බැනලා එකයි අපේ කොමෙන්ට් නම් කිසි ප්‍රශනයක් නැතිව දානව්

Main News