ට්‍රම්ප් සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල් පන්නයි.. ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හා දෙමළ ඩයස්පෝරාව රත් වෙයි..

February 1, 2017 at 3:00 pm | lanka C news
ට්‍රම්ප් සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල් පන්නයි.. ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හා දෙමළ ඩයස්පෝරාව රත් වෙයි..

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිසා දෙශායි බිස්වාල් මහත්මිය දකුණු අසියානු හ මධ්‍යම ආසියානු රටවල් සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් රාජකාරි කල අතර ශ්‍රීලංකාව ද ඒ අතර විය.

2014 ජනවාරි මස සිට ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් ඇය පත් කල අතර ඊට පෙර ඇය සේවය කලේ USAID යටතේය.
නව ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ගේ පත්වීමත් සමඟම ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය වනුයේ අනෙකුත් ස්වාධීන රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමයි.

බිස්වාල් ස.ලේකම්වරිය යටතේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරි විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන ස්ථාපිත කිරීමේ යයි කරුණු ඉදිරිපත් කරමින් ඇ. ඩොලර් මිලියන 585 ක් මියන්මාරය, නයිජිරියවා, කෙන්යානව සහ ශ්‍රීලංකාව ලබා දෙන ලදි.

එම මුදල් ශ්‍රීලංකාවේ දේශපාලන නායකින්ට සිවිල් සංවිධාන ක්‍රියාකාරින්ට ලබාදීමට කටයුතු කල බව සඳහන් කලත් එය ශ්‍රීලංකාවේ ලබා ගත් පුද්ගලයින්ගේ නම් හෝ සංවිධාන සඳහන් කොට නොතිබුණි. මේ සියල්ලම සිදු වූයේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිසා දෙශායි බිස්වාල් මහත්මිය ගේ කලයේ වන අතර ගෝලීය දෙමළ සංසදය සමග ශ්‍රීලංකාවේ බලය බෙදාහැරීම වැඩපිළිවෙළ ඇයගේ මූලිකත්වයෙන් පැවත් වුනි.

මෙම ඡායාරූපය සිටින්නේ ගෝලීය දෙමළ සංසදය නියෝජිතයින් සමග මෑතකදී ශ්‍රීලංකාව සම්බන්ධව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදි ගත් ඡායාරූපයකි.

213 views