ට්‍රැක්ටරයක් පෙරලෙයි.. පුද්ගලයෙකු මියයයි.. 04කට බරපතලයි..

April 17, 2019 at 5:30 pm | lanka C news
ට්‍රැක්ටරයක් පෙරලෙයි.. පුද්ගලයෙකු මියයයි.. 04කට බරපතලයි..

මුලතිව් තුනුක්කායි කල්වියාලන් මන්සන්ධියේදී මාර්ගයක ගමන්ගත් ට්‍රැක්ටරයක් පෙරලී යාමෙන් එහි ගමන්ගත් එක් අයෙකු මිය ගොස් තවත් 4 දෙනෙකු බරපලත තුවාල ලැබූ බවට මල්ලාවි පොලීසිය පවසයි.

මුලතිව් පරන මුරුගණ්ඩි සිට මන්නාරම් ඉලුප්පකඩවායි ප්‍රදේශය දක්වා ගමන් කරන ලද ට්‍රැක්ටරය කල්වියාලන් මන්සන්ධියේදී ට්‍රැක්ටරයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වී කුඩා බෝකුකුවක් තුලට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

අනතුරින් එම ස්ථානයේදීම එක් අයෙකු මිය ගොස් ඇති අතර එසේ මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි එක් දරු පියෙකු වන පී නිශාන්තන් නැමති අයෙකු වන අතර තුවාල ලැබූවන් මල්ලාවි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහරෝහලට මාරු කො යවනු ලැබූ බවට පරික්ෂණ සිදු කරන මල්ලාවි පොලීසිය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37 views
Main News