ට්‍රැක්ටර්යක් පෙරලිමෙන් එක් අයෙක් ජිවිතක්ෂයට.. තවත් අයෙකුට බරපතල තුවාල…

August 1, 2019 at 2:07 am | lanka C news
ට්‍රැක්ටර්යක්  පෙරලිමෙන් එක් අයෙක් ජිවිතක්ෂයට.. තවත් අයෙකුට බරපතල තුවාල…

බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ ට්‍රැක්ටර් රථයක් පෙරලිමෙන් එම ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් ගොවිපලේ සේවකයෙකු ආගරපතන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ට්‍රැක්ටර් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් කර  ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ සේවයේ නියුතු එස්.පොඩි මහත්තයා(35) නැමති එක්දරු පියෙකි.

බෝපත්තලාව සත්ත්ව ගොවිපොල මැණික්පාලම ප්‍රදේශයේදි මෙම අනතුර සිදු වි ඇත.

බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොලට අයත් තෘණ භුමියේ සිට සත්ත්ව ගොවිපොලට තෘණ ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරා සහ සේවකයා යට වි බරපතල ලෙස තුවාල ලබා ඇත.

තුවාලකරුවන් දෙදෙනා ආගරපතන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු සේවකයා මිය ගොස් ඇති අතර ට්‍රැක්ටර් රථයේ රියදුරාගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුව නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව ආගරපතන පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,268 Viewers
Main News