ටැංකියෙන් ඉන්ධන අදී.. විකුණයි.. යලි පෝලිමේ.. මහ දවාලේ ජාවාරම්.. පෝලිම නිම නොවෙයි…
May 24, 2022 at 2:10 pm | lanka C news
ඉන්දන හල්වලින් කැන්වලට ප්රෙට්රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝධ රථ හිමියන් තම ත්‍රිරෝධ රථවල තිබෙන ප්රෙට්රල් කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා ප්රෙට්රල් ලබා ගැනිමේ කූට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමත් සමග පිරිසකට ඉන්ධන ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත.
ත්‍රිරෝධ රථවල තිබෙන ප්රෙට්රල් නැවත කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා යලි පෝලිමේ සිට ප්රෙට්රල් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග කඩිනමින් ඉන්දන හල්වල ප්රෙට්රල් නිම විමෙන් බොහෝ පිරිසකට අවශ්‍ය ප්රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන රථ වාහන හිමියන් පවසනුයේ සමහර ත්‍රිරෝධ රථ හිමියන් මෙසේ ප්රෙට්රල් වැඩි පුර ලබා ගෙන වැඩි මිලට විකිනිමේ කූට ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් මෙම තත්වයන් මත බොහෝ පිරිසකට අවශ්‍ය ප්රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
– මනුර සුදත් සෙල්ලහේවා
මෙන්න මුන්ගේ ලයිසොන් තහනම් කරන්න ඕනේ. හැබැයි ලක්ෂ 15ක් වන ත්‍රී වීල් රියදුරන්ගේ චන්ද කුට්ටි බලාගෙන හැම හන්දියක් ගානෙම , හැම සිග්නල් එකක් ලංගම ත්‍රී වීල් පාර්ක් දාන්න දීපු ගොබ්බ ප්‍රාදේශීය සභා සුනකයෝ මේවට එරෙහි වෙයි
මේක දැන්ද දැන ගත්තෙ? හැම ෂෙඩ් එකකම පෝලීමේ ඉන්න උන් ඕක කරනවා. 😂 ඊට පස්සේ පාරවල් වහගෙන යකා නටනවා අපිට පෙට්‍රල් හම්බුණේ නෑ. ඩීසල් හම්බුණේ නෑ කියනවා.
Kohatath triroda riyadura. Ugathkama adu mathpen bona nehedichcha jathiya munta kasa prahara denna
ඒ අය වෙන මොනව කරන්නද? හයර් දුවල අද ජීවිකාව ගෙනියන්න බෑ. අනික දේශපාලූවො පොලිස් නිලධාරීන් ෂෙඩ්වල අයිතිකාරයන් සේවකයන් චණ්ඩින් ඔක්කොමලගෙ අද කාලෙ රස්සාව ඕක තමයි
වාහනයකට මාසෙකට කූපන් දුන්නනම් වැඩේ ඉවරයි. මේවට පාලනයක් ඕනේ.
අපි තෙල් පුච්චනවා විතරයි ,ඒවාට හරියන්න ඩොලර් එන්නේ නැහැ.
BOI වල තියෙන කොම්පැනි වලින් එන ඩොලර් මොනවද වෙන්නේ ? ඒවා එන්නේ නැතිද.???
ඒ ඩොලර් වලින් තමයි ඔය කඳුලත් ගෙනත් බෙදන්නේ.
මීළඟට පෙට්‍රල් නිසා ගිනි ගන්න ගෙවල් පිළිබඳව අසන්නට වෙයි අපි අකමැති වුනත් .
මේවට හරිම සරල විසඳුම් තියෙනවා. කරන්න තියෙන්නේ වාහන ෂෙඩ් 1ක හෝ 2 Register කරලා සතියකට දෙන තෙල් ප්‍රමාණයට කූපන් එකක් නිකුත් කරන එක. උදා : bike එකකට වරකට දෙන්නේ 2500.00 ක නම් ඒ ප්‍රමාණය සතියකට හෝ දින 3/4 කට නියම කරලා මාසෙකට අවශ්‍ය කූපන් ප්‍රමාණය මුදල් ගෙවලා ගන්න කියන එක. ඒක ඒ පුද්ගලයට වාහනේට දාලා දුවන්නත් පුළුවන් නැතිනම් විකුණුවත් ප්‍රශනයක් නෑ . මොකද නිකුත් කරන්නේ සීමාවක් සහිතව නිසා. අනික තෙල් මිල සති පතා රුපියල් 5 කින් හරි අඩුකරගෙන යන්න ඕන එතකොට කට්ටිය තෙල් stock කරන එක අඩු කරයි
Excellent suggestion and also very easy to implement.
ත්‍රීවීලර් සංස්කෘතිය – කිසිම මාර්ග නීතියක් පිලිනොපදින, අශීලාචාර , මැර, වනචර , හොර, තක්කඩි , මැරෙන්න බය නැති, වෙලාවකට හිත උනුවෙන, ඕනෙ ම වලියකට බහින, හදිසි ගමනකට නැතුව ම බැරි අමුතුම ජාතියේ මිනිස්සු කොටසකි.
මම නම් ත්‍රිවිල් පවුලකට දන්න එකෙක් නේ ළමයෙක් වත් කසාද බන්දන්න දෙන්නෑ
අර ගෙවල් ගිනිතියන්න සතියක් වත් උං පෝලිමේ ඉඳන් පෙට්‍රල් එකතු කරන්න ඇති නේ. පව් අනේ.
sorry කලින් plan කරේ නෑ කියනවා නේ… අනේ මන්ද එහෙනම් මේක කොහොමද වුනේ කියල. ජෝන්ටියයි ලපයයි සෙට් වෙලා ගේම ගැහුවා කිවුවත් පුදුම වෙන්න එපා. ඒ තරම් සත්තු
කවුරුත් තෙල් බොන්නේ නෑනේ කොහොමහරි වාහනේකට හරි ජෙනියකට හරිනේ පාවිච්චි කරන්නේ. හ්පොලිමේ ගිහින් වෙන් එවුන්ට වික්කම උන් පෝලිමට එන්නේ නෑනේ. එතකොට පෝලිම අඩු වෙන්න ඕනෙනේ. ඇමතියා කියනවා එහෙම එකෙතු කරන තෙල් වලට තිනර් කවලම් කරලා දෙනවා කියලා. එතකොට පෝලිම තවත් අඩු වෙන්න් එපායැ . තෙල් වලට් අමතරව තිනරුත් පාවිච්චි වෙන හැන්දා. ඔය බොරුවට තෙල් අරන් වෙන යට විකුණන නිසා තෙල් පෝලිම වැඩි වෙනවා කියන කතාවනම් කිසිම ලොජික් එකක් නැති කතාවක්.
මොලේ තියෙන එකෙක් හරි හිටපු එක සතුටුයි. මාත් මේක කොටන්න බලං ආවෙ