ටැබ් පරිඝණක නිසා දරුවන් වඳභාවයට පත්වීම ගම්මන්පිල පහදයි…

July 28, 2021 at 10:00 am | lanka C news
ටැබ් පරිඝණක නිසා දරුවන් වඳභාවයට පත්වීම ගම්මන්පිල පහදයි…

ටැබ් පරිගණක මගින් දරුවන් වඳභාවයට පත්වන්නේ යැයි තමන් විසින් සිදු කලේ යයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කරයි.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේ දී ඔහු කියා සිටියේ ප්‍රමිතීන්ට අනුකූලව නොවන ජංගම දුරකතන ටැබ් යන්ත්‍ර හරහා විවිධ පිළිකා කාරක විකිරණයන් මුදා හැරෙන බවයි. ඒවා හරහා මෙවන් තත්ත්වයන් ඇති විය හැකි බව ඔහු සඳහන් කළේ ය.

තමන් ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට දීර්ඝ විස්තර සහ සාක්ෂි සහිතව ලිඛිත පැමිණිල්ලක් එකල පැවති රජය සමයේ ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් භාවිතයේ පවතින සියලුම ජංගම දුරකථන ටැබ් යන්ත්‍ර මාර්ගයෙන් යද භාවයට පත්වෙන බවක් තමන් කිසි තැනක අදහස් කර හෝ ප්‍රකාශ කරන්නැති බවද ඔහු සඳහන් කළේය.

24,484 views

23 Comments to “ටැබ් පරිඝණක නිසා දරුවන් වඳභාවයට පත්වීම ගම්මන්පිල පහදයි…”

  1. 😪😢😪😢 says:

    කොටහලු දිනයෙ පතිවත රැකගෙන තමා
    මුහුනු පොතට බැඳි ආදරෙ මොබයිල් තමා
    ඔන්ලයින් ඉගෙනුම පෙන්නුවෙ කාම තමා
    රැකි පතිවත පිදුවා කාමතුරට රැවටී තමා

  2. Darshana abayakoon says:

    වද ටැබ් ගෙන්වීමට ගත් උත්සහය කඩා කප්පල් කර දැයේ දරුවන්ට උසස් තාක්ෂණයෙන් යුත් ටැබ් පරිගණක ලබා දුන් ගම්මන්පිල තුමාට අපේ උපහාරය. මෙතුමට පිංසිද්ධ වෙන්න අපේ දරුවො අද නිසි ප්‍රමිතියෙන්යුතු ටැබ් වලින් ගෙදරට වෙලාම අධ්‍යාපනය හදාරන්නේ. මේ කොවිඩ් අස්සෙ දරුවන්ට ස්මාට්ෆොන් අරන්දෙන්නත් වුනා නම් දෙමව්පියන්ට ඒක කොච්චර බරක්ද? 69 ලක්ශයෙන් එකෙක් වීම ඇත්තටම ආඩම්බරයක්.

  3. කිරිමල්දෙනිය​ says:

    මීට අවුරුදු හැත්තැවකට අසූවකට ඉස්සල්ලා මැදමුලන පැත්තේ ගොවියන්ට ටැබ් දෙන්න තිබ්බේ… ..

  4. සමන්කුමාර says:

    බටහිර විද්‍යා පරීක්ෂණ – ප්‍රමිතියෙන් තොර ටැබ් පරිගණක ජංගම දුරකථන නිසා වද භාවය පිළිකා ඇතුළු රෝග ඇතිවිය හැකි.

    ගම්මන්පිල – ප්‍රමිතියෙන් තොර ටැබ් පරිගණක නිසා වද භාවය පිළිකා ඇතුළු රෝග ඇතිවිය හැකිය.

    මංගලගේ මඩ බලකාය – ටැබ්වලින් වද වෙනවා කියලා ගම්මන්පිල කිව්වා.

    අපේ ගොං හැත්ත අල්ල ගත්ත තැන – ටැබ්වලින් වද වෙනවා කියලා ගම්මන්පිල කිව්වා.

  5. දයා says:

    ප්‍රමිතියෙන් තොර පරිගණක ටැබ් දුරකතන නිසා වද බාවය ඇතුළු බොහෝ රෝග ඇතිවන බව බොහෝ දෙනා දන්න කතාවක්. එවකට අධ්‍යාපන ඇමති අකිල විරාජ් මේ ප්‍රමිතියෙන් තොර ටැබ් ගෙනවිත් ලමයින්ට දීම සම්බන්ධවයි ගම්මන්පිල මේ චෝදනාව එල්ල කලේ. නැතුව හැම ටැබ් යන්ත්‍රයකින්ම වදවෙනවා කියලා නෙවෙයි කිව්වේ.

    අකිලව බේරගන්න මංගල එයාගේ මඩ බලකාය යෙදෙව්ව. ගම්මන්පිල ප්‍රමිතියෙන් තොර ටැබ් වලින් වද වෙනවා කියපු වීඩියෝවේ ප්‍රමිතියෙන් තොර කියන කෑල්ල කපලා ඉවත්කරලා ටැබ්වලින් වද වෙනවා කියලා වීඩියෝ හදලා සමාජ ජාලවල යැව්වා.

    අන්තිමට මිනිස්සු පිලිගත්තේ මංගල පතුරවපු බොරුව මිසක ප්‍රමිතියෙන් තොර ටැබ් ගැන ගම්මන්පිල කියපු ඇත්ත නෙවෙයි.

  6. NUwan says:

    ගම්මන්පිල මොනෑෂ්වල පරිගණක උපාධියක් ගත්ත කෙනෙක්. ඔහු හැම පරිගණකයෙන්ම වද වෙනවා කියන්න අද බාලයෙක් නෙවෙයි. නමුත් ප්‍රමිතියෙන් තොර මෙම විද්‍යත් උපාංග හරහා රෝග රැසක් ඇතිවන බව නම් රහසක් නෙමෙයි. ලංකාව තුල පවා මේ උපකරනවලට ප්‍රමිතියක් හදලා තියෙන්නේ අර සහතිකය මේ සහතිකය අරන් ඒ්නන කියන්නේ ඒකයි. මේ ලමයින්ට දෙන්න හැදුවේ එවැනි ප්‍රමිතියෙන් නැති පරිගණක. නමුත් අන්තිමට සමාජ ගත වුනේ වෙන දෙයක්.

  7. කුසල් says:

    මංගලයගේ මඩ බලකායේ වැඩ ඕව. ඒ කාලේ උං කාලය වැය කලේ විරුද්ධවාදීන්ගෙන් පළි ගන්න හා මේ වගේ මඩ ගහන්න තමයි.

  8. suranga says:

    ///P Udaya Gammanpila made a statement at the parliament recently, claiming Education Minister’s tab distribution to be even more dangerous than “Saharan’s bombs”. He claimed it has been discovered through scientific research, the use of laptop computers connected to internet through Wi-Fi, decreases human sperm motility and increase sperm DNA fragmentation. Thereafter, he said that this distribution of tablets should be stopped to safeguard the future of the students.

  9. සමන් කුමාර says:

    බටහිර විද්‍යා පරීක්ෂණ – ප්‍රමිතියෙන් තොර ටැබ් පරිගණක ජංගම දුරකථන නිසා වද භාවය පිළිකා ඇතුළු රෝග ඇතිවිය හැකි.

    ගම්මන්පිල – ප්‍රමිතියෙන් තොර ටැබ් පරිගණක නිසා වද භාවය පිළිකා ඇතුළු රෝග ඇතිවිය හැකිය.

    මංගලගේ මඩ බලකාය – ටැබ්වලින් වද වෙනවා කියලා ගම්මන්පිල කිව්වා.

    අපේ ගොං හැත්ත අල්ල ගත්ත තැන – ටැබ්වලින් වද වෙනවා කියලා ගම්මන්පිල කිව්වා.

Main News