ටැබ්, වයිෆයි වැඩක් නෑ.. ජනතාව ඉල්ලන්නේ ඕවා නොවෙයි.. බිලියන හතරේ ටැබ් යෝජනාව අගමැති ඉදිරියේම ජනපති කුණු කූඩයට දමයි.. සිසුනට ‘ටැබ් කතා’ අහවරයි..

February 20, 2018 at 3:00 pm | lanka C news
ටැබ්, වයිෆයි වැඩක් නෑ.. ජනතාව ඉල්ලන්නේ  ඕවා නොවෙයි.. බිලියන හතරේ ටැබ් යෝජනාව අගමැති ඉදිරියේම ජනපති කුණු කූඩයට දමයි.. සිසුනට ‘ටැබ් කතා’ අහවරයි..

උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි.

2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි.

පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම සතියේ කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අද නැවත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය ද එකඟවී තිබේ.

මේ අවස්ථාවේදී මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතු බව ජනාධිපතිවරයාගේ මතය වී යැයි බීබීසී සිංහල සේවයට ඒ පිළිබඳ පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

එක ටැබ් පරිඝනක යන්ත්‍රයක් රුපියල් 27,000 බැගින් වූ මිලකට සැපයීමට අවශ්‍ය කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අවශ්‍ය සමාගම ද පසුගිය කැබිනට් මණ්ඩලයේදී තෝරාගෙන තිබියදී ජනාධිපතිවරයාගේ මෙම වැඩසටහන නවතා දැමීමට තීරණය කළේය.

ජනාධිපතිවරයාගේ තීරණයට එක්සත් ජාතික පක්ෂයේ බහුතර ඇමතිවරුන්ගේ එකගතාව හිමිවූ අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල අනුව, මෙවන් තාක්ෂණික වැඩසටහන්, ෆයිෆයි මිනිසුන්ගේ මුලික ඉල්ලීම් නොවන බව ඇමතිවරුන්ගේ මතයවූ බව ද කැබිනට් මණ්ඩලයට එක්වූ තවත් අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සාමාන්‍ය පරිදි පැවත්වී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර ඇමතිවරුන් පිරිසක් ඊට සහභාගිවී වුහ. කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළ නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්වන දයාසිරි ජයසේකර හා සුසිල් ප්‍රේමජයන්ත ඊට සහභාගිවී නොමැත.

– BBC

42 views

16 Comments to “ටැබ්, වයිෆයි වැඩක් නෑ.. ජනතාව ඉල්ලන්නේ ඕවා නොවෙයි.. බිලියන හතරේ ටැබ් යෝජනාව අගමැති ඉදිරියේම ජනපති කුණු කූඩයට දමයි.. සිසුනට ‘ටැබ් කතා’ අහවරයි..”

  1. shadowmoon says:

    When other countries trying to colonization Mars.. SriLankan’s trying wake up Ravana….

    Sad to see incapable & vision less cunt running the country.. In UK kids from lower grade learning programming at least this could a help few poor kids…

  2. නිල ඇදුමට කුපං ටැබ් එක නිකන් says:

    නිල ඇදුමට කුපං ටැබ් එක නිකන්. තව ඇස්තමේන්තුවක් ඇමතිලාට කාර් ගේන්න. පොල්බෑය ගමට නෑ. අම්මට හුඩු සංවර්දනය.

  3. Nana says:

    Yes, People should be able to eat 3 meals properly before getting tabs. Infact this is a Joke programme, students will buy enough Tabs when the economy is strong. What the Govt should do is manage the economy for people to buy whatever they wish. Also they have to look after social security of needy people.

  4. දේශපාලන අල්ලස් says:

    අළුතින් චන්ද වරම් ලබූ තරුණ පෙලට අල්ලස් වෂයෙන් me ටැබ් බෙදා දෙන බව අගමැති තුමා රැස්වීම වලත් කිව්වා. සිල් ඇත්තන්ට සිල් රෙදි වැරදි නම් තරුණ පෙලට ටැබ් දීමත් අල්ලසකි. ඔලුව ඇති නායකයන් කල යුත්තේ පොල් බෑයක් පරිප්පු කිලොවක් හාල් මිටක් චන්ද දායකයන්ට දීමය. එක කායක් බත් පැකට් බෙදු යුගයක් ද අපට තිබුණි. දැන් තිබෙන්නේ පිල් මාරු කරන මන්ත්‍රී වර්නට කෝටි ගණන් මුදල් දීමය. වහැම me කුණු හරුප ක්‍රමය නැති කරන්නට මැතිවරණ කොමසාරිස් මොනවද කරන්නේ?

  5. Athula Adhikari says:

    අර බැංකු හොරකමේ සල්ලි ටික හොයාගත්තනම් ඉන්දියාවටත් එක්ක ටැබ් දෙන්න පුලුවනිනේ .

    ඒ කියනිනේ බැංකු හොරකම ගැනත් ඔච්චර තමයි

Main News