ටිකක් ලැජ්ජා හිතුණත් කතුන්ට ප්රයෝජනවත් පණිවිඩයක්…
November 25, 2017 at 10:59 pm | lanka C news
මේ කියන්න යන දේ ප්රසිද්ධියේ කියන එකත් ඒ තරම් හරි නැති දෙයක් කියා ඔබට කියන්න පුළුවන්.මේක කියවන කාන්තාවන් පුංචි ලැජ්ඡාවකට පත්වෙන්නත් පුළුවන් .
වැඩි දෙනෙක් ප්රසිද්ධියේ නොකිව්වත්, මේක පෞද්ගලිකව කතා බහ කරන දෙයක්. ඒ තමයි හදිසි අවස්ථාවක දී කාන්තාවන්ටත් පිරිමින් හා සමාන ඉරියව්වකින් සිටගෙන මුත්රා කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියන එක.
කාන්තාවන් විශේෂයෙන් මේ ගැටලූවට මුහුණ දෙන්නේ දුරබැහැර විනෝද චාරිකා වැනි ගමන් බිමන්වලදී.
මේක ගැටලූවක් විදියට ලෝකයේ හැම තැනම කතා වෙන නිසා එයට කදිම විසඳුමකුත් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා.
ඒ විසඳුම තමයි Mate Standing Pee Device නමින් හඳුන්වන්නේ. මේක කුඩා සරල උපකරණයක්.
මෙහි උදව්වෙන් ඕනෑම කාන්තාවකට පිරිමින් හා සමානව අපහසුවකින් තොරව සිටගෙන මුත්රා කිරීමේ හැකියාව ලබා දෙනවා.
ඔබ කුමන ඇඳුමක් ඇඳගෙන සිටියත්, කිසිදු ගැටළුවකින් තොරව භාවිත කිරීමේ හැකියාව මේ උපකරණයෙන් ලබා දෙනවා.
නියම ආකාරයෙන් ස්ථාන ගත කළාට පසුව කිසිදු කාන්දුවකින් හෝ ශරිරයට බලපෑමකින් තොරව ඒ කාර්යය කරගන්නට පුළුවන්. එය කුඩා නිසා අපහසුවෙකින් තොරව බෑගයේ දමාගෙන යන්නටත් පුළුවන්.
ඇමරිකානු ඩොලර් 5.95 (රු. 906.00ක්) වන මෙය ඇතුළු අන්තර්ජාලයේ ඇති බොහෝ කඩ සාප්පුවලින් මිලට ගන්නට පුළුවන්. ඇතැම් විට මිල ගණන්වල සුළු වෙනස්කම් තියෙන්නට පුළුවන්.
නමුත් නගරයෙන් දුර බැහැර විනෝද ගමනක් යන ඔබට කුමන ඇඳුමක් ඇඳ සිටියත් කාන්තාවන්ට අපහසු කාර්යයක් පිරිමින් වගේ බොහොම පහසුවෙන් කරගන්නට මේ පුංචි උපකරණයෙන් ලොකු සහයක් ලැබෙනවාට සැක නැහැ.
ප්රතිභා රත්නසුරිය
– Lakbima
අද අපි බලමු ඉස්ලාම් ආගමේ තියෙන හොඳට හිනා වෙන්න පුළුවන් ටිකක් ගැන.
මුහම්මද්ගේ අනුගාමිකයෙක් වන් අනාස් මුහම්මද්ට මෙහෙම කියලා තියෙනවා. උක්ල් හා උරයිනා වල වැසියන්ට මදීනාවේ කාලගුණයට ඔරොත්තු දීමට අපහසුයි. එතකොට මුහම්මද් ඒ අයට ඔටු ගාල පෙන්වල, ඔටුවන්ගේ මුත්රා බොන්න නියම කළාලු