සරල බදු ක‍්‍රමයක් එනවා.. ජනතාව ටික කාලයක් කැපකිරීම් කරන්න..- කැබිනට් ප‍්‍රකාශක

August 27, 2020 at 12:40 pm | lanka C news
සරල බදු ක‍්‍රමයක් එනවා.. ජනතාව ටික කාලයක් කැපකිරීම් කරන්න..- කැබිනට් ප‍්‍රකාශක

ඇතිවී තිබෙන තත්ත්වය මත ටික කාලයකට කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සිතෙන්නේ යයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

ආනයනය සීමා කිරීම නිසා ජනතාව මුහුණ පා ඇති ගැටලු ගැන මාධ්‍ය විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

කෙටි කාලයකට කැපකිරීම් කිරීමේ දී එහි ප්‍රතිලාභ දිගු කාලයක් තිස්සේ ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

සරල හා කාර්යක්ෂම බදු ක්‍රමයක් ඇති කිරීමට පනත් හතරක් සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

39,307 views

8 Comments to “සරල බදු ක‍්‍රමයක් එනවා.. ජනතාව ටික කාලයක් කැපකිරීම් කරන්න..- කැබිනට් ප‍්‍රකාශක”

  1. dana says:

    ela kiri…..

  2. nim says:

    හොරා කාපු සල්ලි ගනිල්ලා ඉස්සෙලම . රවිලගේ රනිල්ගේ දේපල රාජසන්තක කරපල්ල.

  3. වන්නියා says:

    ඔව් ! වොව් ! මිනිස්සුන්ට බදු , ඒ ගොල්ල්ලලොන්ට තුන්දාහෙ කෑම . අගෙයි , අගෙයි , ඔහොමම යං .

  4. ක්‍රිමිනල් says:

    යෑස් සෑර් ! අවුරුදු 70 කට එහා කැපකිරීම් කරලා ජනතාවගේ ලෙලි ගිහිල්ලා එත් ඉතින් ඔහොම කෛයි ගහන දේශපාළුවො කරපු කැපකිරීම් මොනවද ? තොපි ,තොපේ හත්මුතු පරම්පරාවම ගොඩ දාගෙන ඉවර නොවැ. හැමදාම අපේ කැපකීරිම් විතරයි , තොපිත් කැපකීරිමක් කොරලා පෙන්නහල්ලකො.

    • narada says:

      ක්‍රිමිනල් ගේ කතාව සහතික ඇත්ත 100% එකගඊ, ඇමති මන්ත්‍රේ සුබසාදක කපන්ඩ ඕනේ, මට කෙනෙක් කිවා ඇත්තද දන්නේ නෑ, වැඩිපුරම සල්ලි යන්නේ medical claims වලට කියලා මොකද parliamentarian medical බෙනිෆ්ට් එක මුළු පව්ලටමලු and unlimited.

  5. saman says:

    ඔව්. ඒ කතාව හරියටම හරි. ජන්තාව ටික කාලයක් නෙවෙයි හැමදාම කැපකිරීම් කල යුතුයි. නැතිනම් රට දියුනු කරන්න අමාරුයි. හෙමදෙනාම මේ ටික තෙරුම් ගෙන රජයට උඩවු කල යුතුයි.

  6. chamath says:

    ආදායම බිලියන 400
    වියදම බිලියන 1700
    ගන්න වෙන අලුත් ණය බිලියන 1300

  7. Lankamata says:

    විප්ලවයක් සඳහා එකමුතු වෙමු.දේශපාලුවන් ගස් වල එල්ලමු

Main News