ටික දිනකින් ශ‍්‍රීලනිපයේ ඉතුරු වෙන්නේ සභාපති මෛත‍්‍රී හා ලේකම් දුමින්ද විතරයි..

August 22, 2017 at 3:50 pm | lanka C news
ටික දිනකින් ශ‍්‍රීලනිපයේ ඉතුරු වෙන්නේ සභාපති මෛත‍්‍රී හා ලේකම් දුමින්ද විතරයි..

තව ටික දිනක් යද්දී ශ‍්‍රීලනිපයේ ඉතිරි වෙන්නේ සභාපති මෛත‍්‍රී හා ලේකම් දුමින්ද පමණක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ දී  පැවැත් හමුවක් අමතමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

‘අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට වෙලා තියෙන්නේ කුලියට හිටිය මිනිහා ගේ අයිති කර ගත්තා වගේ වැඩක්. දැන් අපේ පාක්ෂිකයන්ට යන එනමං නැහැ. ඒ හින්දා තමයි ඔවුන්ට වෙනත් දේශපාලන බලවේගවල පිහිට පතන්න වෙලා තියෙන්නේ. ඒ තත්ත්වයට වගකියන්න ඕනේ පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ඇතුළු පිරිසයි.

අපේ පාක්ෂිකයන්ට අද පක්ෂයේ සභාපති ගැන විශ්වාසයක් නැහැ. ඒ හින්දා පාක්ෂිකයෝ විශාල වශයෙන් පක්ෂය අතහැරලා යනවා. වැඩිකල් යන්න ඉස්සර සභාපති සහ ලේකම් විතරක් පක්ෂයේ ඉතුරු වෙන දවසක් එන බව අපිට දැන් පේනවා. මිනිස්සු රොක්වෙන්නේ මහින්ද වටේ කියන එක කාටවත් නැහැයි කියන්න බැහැ.

ජනතා ඡන්දයෙන් පත්වෙච්ච අපිට වගකීමක් තියෙනවා මිනිස්සු කියන දේට ඇහුම්කන් දෙන්න. ඡන්දෙන් පැරදිලා ජාතික ලයිස්තුවෙන් ආපු අය වගේ කෝකටත් එහෙයි සර් කියන්න අපට පුළුවන්කමක් නැහැ. ඒ හින්දා අපි ජනතාවගේ ඉල්ලීම පරිදි මහින්ද රාජපක්ෂ නැවතත් මේ රටේ නායකත්වයට ගේන සටන අතහරින්නේ නැහැ.

ශිෂ්‍යත්ව විභාගයවත් හරියට තියාගන්න බැරි මේ මොන්ටිසෝරි ආණ්ඩුව ගෙදර යවන එක තමයි අපේ එකම අරමුණ. මේ අවුරුද්ද ඉවරවෙන්න ඉස්සර අපි ඒ අරමුණ ජයග්‍රහණය කරනවා. එදාට අපි ඔය කටු ලෙවකාපු අය ගැනත් ඉතිහාසගත වෙන තීන්දුවක් ගන්න ලැහැස්තියි කියන එකත් මම මතක් කරනවා’

– ප‍්‍රදීප් අනුර කුමාර

34 views

4 Comments to “ටික දිනකින් ශ‍්‍රීලනිපයේ ඉතුරු වෙන්නේ සභාපති මෛත‍්‍රී හා ලේකම් දුමින්ද විතරයි..”

  1. ExUNPer says:

    Perfect saying Prasanna !
    Can’t your Cricket legend brother understand this simple logic ?

  2. Aurora says:

    කටු සුප්පුවොත් චන්දවලට එවිනේ. එදාට කොස්ස තියෙන්නේ අපේ අතේ. අතුගානවා සත්තයි.
    ඉදිරියේ තියන කෙටි කාලය තුලදී යම් ධනාත්මක යමක් කරලා කටු සූප්පු ගඳ නැතිකර ගන්න.
    සිරිසේනට කඩේ යාමම ලොකුම නුසුසුදුසු කම බව දැන්ම මතක්කරගන්න.

    • asaranaya says:

      හම නැත්නම් මුන් දෙන්නගෙ අරකත්- නඩුව බරක් වෙච්ච එක- නැහැ. අනේ පව් බන්
      ප්‍රසන්න මහත්තයෝ

  3. sam says:

    Mahinda Rajapaksa’s decade of rule became increasingly authoritarian, with several family members holding powerful positions and marred by nepotism and corruption. He abused his presidential powers and filled positions of power with his relatives. Rajapaksa family controlled politics, business, and the media. He curtailed freedom of speech, altered term limits so that he could stay in office, persecuted critics of the government, used violence against demonstrators, abused human-rights as well as suppressed the journalists and other organs of dissent. There was also a climate of fear that affected those who were political dissenters. People were afraid to voice their opinion even on the telephone. He has been rejected twice. People will never give Rajapakshas to govern the country again.

Main News