ටිපර්-කාර් අනතුරක්.. පුතාලා දෙන්නම මිය යයි.. පියාට බරපතලයි…
March 28, 2021 at 6:48 pm | lanka C news
කිලිනොච්චිය පලෙයි ඉත්තාවිල් ප්රදේශයේදී ඊයේ (27) දින සිදු වූ රියඅණතුරකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබූ බවට පලෙයි පොලීසිය පවසයි.
පලෙයි ඉත්තාවිල් ප්රදේශයේ ධාවනය වූ ටිපර් රථයක් සහ කාර් රථයක් මුහුනට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කාර් රථයේ හෝ ටිපර් රථයේ අධික වේගය හේතුවෙන් රියදුරන්ට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව අති බවට පොලීසිය සැක පල කර සිටියි.
අනතුර සිදුවන අවස්ථාවේදී කාර් රථයේ පියා සහ දරුවන් දෙදෙනා ගමන් කොට ඇති අතර දරුවන් දෙදෙනාම එම ස්ථානයේම මිය ගොස් තිබුනු අතර බරපතල තුවාල ලැබූ පියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ පලෙයි ධර්මකේනි ප්රදේශයේ පදිංචි 16 හැවිරදි සහ 08 හැවිරිදි දරුවන් දෙදෙනා බවට පරික්ෂණ සිදුකරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔය හැටට හැටේ 80% මත්කුඩ්ඩෙන් දුවන ටිපර් ඩ්රයිවර්ලාගේ
දකුණු කකුලේ වළලුකරින්ම ඇක්සලරේටරය පාගන කකුලෙ
කෑල්ල ගලවලා ඉවත් කරන්න උතුරු කොරියාවෙ වගේ..!