ටිපර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටී රියදුරන් දෙදෙනාම මියයයි..

July 4, 2019 at 12:40 pm | lanka C news
ටිපර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටී රියදුරන් දෙදෙනාම මියයයි..

කිලිනොච්චිය, පච්චිලිපලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදී අද (04) අළුයම සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පලෙයි පොලීසිය පවසයි.

පලෙයි පොලිසිය පැවසූවේ ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් ලොරි රථයේ හා ටිපර් රථයේ රියදුරන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ටිපර් රථයේ රියදුරු වු වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු හා ලොරි රථයේ රියදුරු වු වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

අධික වේගය හේතුවෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුරට හේතුවි ඇති බව පොලීසිය පවසන අතර, මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

15,116 Viewers

3 Comments to “ටිපර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටී රියදුරන් දෙදෙනාම මියයයි..”

  1. Chandi says:

    Dennama Merilanung Mona පරීක්ෂණද? Anthimata kata nadudannada?

    • sam says:

      The fault is Mahinda Rajapaksa’s, because he carpeted the roads in that area and they drive too fast there.

  2. sathya says:

    Fast and Furious 10

Main News