ටිපර් රථයේ ජැක් එක කැඩී රියදුරුගේ ඇඟ මතට කඩා වැටී මිය යයි….

July 7, 2020 at 2:02 am | lanka C news
ටිපර් රථයේ ජැක් එක කැඩී රියදුරුගේ ඇඟ මතට කඩා වැටී මිය යයි….

යාපනය කෝපායි ප්‍රදේශයේ ටිපර් රථයක දෝෂයක් පරික්ෂා කරමින් සිටියදී එහි ජැක් එක කැඩී ටිපර් රථය රියදුරු මතට වැටීමෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

ටිපර් රථය මාර්ගයේ ධාවනය කරමින් සිටියදී සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී ඇති අතර පසුව රියදුර විසින් එය පරික්ෂා කිරීමට ජැක් එකක් භාවිතා කොට ටිපර් රථයේ පසුපස පෙට්ටිය ප්‍රදේශය ඔසවා එය තුලට රිංගා ඇති අවස්ථාවේ එකවරම ජැක් එක කැඩී ටිපර් රථය රියදුරු මතට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

එහිදී බරපතල තත්වයෙන් රියදුරු රෝහලගත කලද මිය ගොස් ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය මාණිප්පායි ප්‍රදේශයේ පදිංචි ලිගින්දන් නැමති 45 හැවිරිදි අයෙක් වන අතර කෝපායි පොලීසිය වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views
Main News