ටියුෂන් ගුරා සිසුට ගහයි.. සිසුවා ක්ලාන්ත වී ඇද වැටී රෝහලේ..

January 15, 2017 at 6:48 pm | lanka C news
ටියුෂන් ගුරා සිසුට ගහයි.. සිසුවා ක්ලාන්ත වී ඇද වැටී රෝහලේ..

දඹුල්ල නගරයේ උපකාරක පන්ති ගුරුවරයෙකුගේ පහරකෑමට ලක්වූ 16 හැවිරිදි සිසුවෙකු ප්‍රතිකාර සදහා  ඊයේ (14) පස්වරුවේ  දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇත.

පහරකෑමට ලක්වූ සිසුවා දඹුල්ල,කුරුණෑගල පාරේ පදිංචි ඊ.ජි.මධුසාන් යන  සිසුවෙකි.මෙම සිසුවා වෙනත උපකාරක පන්තිය නිමවා තම මිතුරෙකු හමුවීමට පහරදුන් ගුරුවරයාගේ පන්තියට පිටතින් රැදී  සිටියදී කිසිදු විමසීමක නොකර තමාගේ කම්මුලට හා හිසට පහරදුන් බවත් පසුව සිසුන්ව අද වැටීමෙන් පසු පිරිසක් රෝහල් ගත කර ඇති බව සිසුවා කියයි.තම දරුවාට වමනය හා ක්ලාන්තය හා කනේ වේදනාව ඇති බවින් රොහල් ගත කල බව දරුවාගේ පියා පවසයි.

සිසුවාට පහර දුන් .සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන් නොමැත.

දඹුල්ල  රොහල් පොලිසිය මගින් පහර කෑසිසුවාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර දඹුල්ල සිද්ධිය  පරීක්සන සිදුකරයි.

මහින්ද  උදයසිරි
දඹුල්ල

13 views
Main News