ටියුෂන් ගුරා සිසුවියන් දෙදෙනෙකු සමග හෝටල් කාමරයක.. පොලිස් අත්අඩංගුවට…

January 4, 2020 at 8:40 am | lanka C news
ටියුෂන් ගුරා සිසුවියන් දෙදෙනෙකු සමග හෝටල් කාමරයක.. පොලිස් අත්අඩංගුවට…

පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පොලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචි සැකකාර බාහිර පන්ති ගුරුවරයා වයස අවුරුදු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග ඊයේ (03) රාත්‍රි ශ්‍රි පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රි පාද වන්දනාවේ මද දුරක් ගොස් තමන්ට ශ්‍රි පාද පද්ම දක්වා යාමට නොහැකි  බව පවසමින් එම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සමග නල්ලතන්නිය නගරයට ආපසු පැමිණ නල්ලත්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි  නවාතැන්පොලකට ගොස් පියා සහ දියණියන් දෙදෙනා වශයෙන් එම නවාතැන්පොලේ කලමණාකරුට පවසා කාමරයක් කුලි පදනම මත ලබාගෙන තිදෙනාම එම නවාතැන් පොලේ කාමරයේ රැදි සිටියදි පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකාර බාහිර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

අවුරුදු 45 පමණ වයසැති සැකකාර බාහිර පන්ති ගුරුවරයා විවාහක අයෙකු බවත්, පාසල් ශිෂ්‍යාවන් දෙදෙනාද තවත් ශීෂ්‍යාවන් පිරිසක් සමග ශි පාද වන්දනාවේ යන බව පවසා නිවසින් ඊයේ (03) උදැසන පිට වි ඇත.

සැකකාර බාහිර පන්ති ගුරුවරයා ආගමික කටයුතු වල නියැලෙන අයෙකු බවත්, මිට ප්‍රථමද මෙම ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන මෙම බාහිර පන්ති ගුරුවරයා සිගිරිය නැරඹිමට ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

නල්ලතන්නිය පොලිසිය භාරයේ සිටින ශිෂ්‍යායවන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු බවත්, එම සිසුවියන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍යය වාර්තාවක් ගැනිමෙන් පසු එම සිසුවියන් දෙදෙනා දෙමව්පියන් වෙත භාර දි සැකකාර බාහිර පන්ති ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසුවේය.

බාහිර පන්ති ගුරුවරයා වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කාලයක්  තිස්සේ ඉංග්‍රිසි උගන්වන බාහිර පන්ති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙකු බව පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

266 views

14 Comments to “ටියුෂන් ගුරා සිසුවියන් දෙදෙනෙකු සමග හෝටල් කාමරයක.. පොලිස් අත්අඩංගුවට…”

  1. kamal says:

    ගෝඨාබය හා ජාතික ඇදුම
    ගෝඨාබයට ජාතික ඇදුම ඇදිමේ
    ප්‍රශ්නයක් තිබ්බද කියලා මම දන්නෙ නැ
    මට ප්‍රශනයක් තියෙනවා ගෝඨාබය සිංහලයෙක්ද කියා
    මොකද කපටි විදියට බටහිර සංස්කෘතියට උදව් කරන්නෙ
    සිංහලු නෙවෙයි ඒ දෙමලු හා සුද්දො
    ගෝඨාබය තේරුම් ගන්න ඔනේ
    ගෝඨාබයගේ තත්වය
    ගෝඨාබය තැන් කිපයකදි අසාර්ථක වෙනවා මහින්ද වගේ
    ඒ තමයි කතෝලිකකරණය
    කාන්තාව රැකිම
    බෞද්ධ අධ්‍යාපනය හා නුතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රාථමික අධයාපනය පමණක් අනිවාර්යය කිරිම
    සිංහලකරණය
    උඹට තියා රාජපක්ෂ වරුන්ට මෙය බැරිනම්
    සිංහලය වෙනුවෙන් සජිත් පාඨලි කමල් හවුලකින්
    මෙය කරනවා ලංකාවේ
    අපි ගරු කරන්නෙ ධර්ම විනයට විතරයි ගෝටා ඒකයි වෙනස

    • Kotalawala says:

      මේ කතාව ගැඹුරින් කියවිය යුතුයි කියා යෝජනා කරනවා…

      • Dilshan says:

        We Sinhala Buddhist nationalists voted Gota. We have no problem with his coat. It’s no longer a westatn attire.

    • නිමල් says:

      තොට පිස්සුද ඕයි

    • Saman says:

      මොකාද මේ පිස්සා? නිව්ස් එක කියවලද මේක දැම්මෙ?

    • exUNPer V says:

      දැන් මෙයාගෙ පිස්සුව හොඳ ටම තදවෙලා .

    • puncha says:

      muge wire maruwela. meyata adala deyak novei comment karala thiyenne.me wage un laksha 55 k thamai UNP ekata chande dunne. Mu nam upathima moda harakek.

    • Kamal තොට පිස්සු ද නැතිනම් අපිට පිස්සු. දැන් මොකක්ද මේ තියෙන්නෙ?/කොහොමද ජනාධිපති මේකට සම්බන්ද අනික තවම රජය කා සතුද? එ්ක මනාව ඔප්පු වුනා පච රණවක සහ පරාජිත නාටකය දෙස බැලුවහොත්. අනේ බං වැඩක් නැතිනම් බිතු සිතුවම් කරපං. නැතිනම් පුරන් කුඹුරැ අස්වද්දපං.

  2. sisira says:

    mara porawal ..inne…beluwama.

  3. අනේ දෙව්දත් නොදුටු මොක්පුර…

  4. RS says:

    Demapiyan daruwangans meyata wada salakilimat wiyayutuy.guruwarayataho wenat ayekuta warada patawimatapera ape warada hadagatayutuy.

  5. araliya says:

    Koheda yanne malle pol ..Gthabyyatama hariyana ekek
    ..Kamal

  6. Malvathu Asgiri Girigoris says:

    මෙම ටියුෂන් ගුරුතුමා ඉතා හොඳ පුද්ගලයෙක් වියයුතුයි, මන්ද ඔහු ශිෂ්‍යාවන් චාරිකා රැගෙන් ගොස් නොයෙක් පාඩම් උගන්වන බැවිනි. ඒ සඳහා ඔහුට පළාත් සභාව මගින් දීමනාවක් සහ උපත් පාලන උපකරණ කට්ටල කීපයක් දීමට යෝජනා කරමි.

  7. Love nature says:

    මේ තිරිසෙනා වදමල් බෙල්ලේ එල්ලා විදි දිගේ මරණිය දණ්ඩනයට ගෙන යා යුතුයි

Main News