ටියුෂන් ගුරුවරු නළු නිළියන් වගේ වෙළද දැන්වීම්වල..

January 16, 2017 at 5:30 pm | lanka C news
ටියුෂන් ගුරුවරු නළු නිළියන් වගේ වෙළද දැන්වීම්වල..

කළුතර කිතුලාවල මිහිකතවත්ත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ශ්‍රී සෝභිත දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘පාසල් අධ්‍යාපනයත් සමග දහම් අධ්‍යාපනය ලැබීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රය සදහා දරුවන් යොමු කිරිම ඉතා වැදගත්, නැතිනම් දරුවන් යන්ත්‍ර සුත්‍ර වගේ ජීවත් වෙනවා. කෘත්‍රීම උගතුන් බිහි වෙනවා. රට ගැන, ජාතිය ගැන, දෙමාපියන් ගැන ඔවුන් කිසිවක් දන්නේ නැහැ. එම නිසා තමයි දහම් අධ්‍යාපනය වැදගත් වන්නේ. බෞද්ධ දර්ශණය මුළු ලෝකයම අද පිළිගන්නවා. එය විඥානවාදී දර්ශණයක්. විද්‍යාත්මක දර්ශණයක්. නිර්මල බෞද්ධ දර්ශණය ඉතාමත් නිවැරදියි. අපි යථාර්තය ඉගෙන ගත යුතුයි. කැපවීම ඉතා වැදගත්. බෞද්ධ දර්ශණයේ මූලික හරය එයයි. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරිමට නොහැකි වී ඇත්තේ ආත්ම ශක්තියෙන් නැගී සිටින දර්ශණයක් ඉදිරිපත් කිරීමට නායකත්වයක් නොමැති වීම නිසයි. අවුරුදු 2600 කට පෙර බුදුරජාණන් වහන්සේ මෙම විද්‍යාත්මක දර්ශණය ඉදිරිපත් කළේ කෙසේ ද යන්න ගැටළුවක්. ජන සමාජයේ මතවාද විනාශ කර බුදු දහම ජනගත කෙරුනා. ව්‍යාපාරයක් සාර්ථක කර ගන්නා අයුරුත් බුදුරජාණන් වහන්සේ දේශණා කර තිඛෙනවා. විදේශීය ජාතිකයින් අද විහාරස්ථාන කරා පැමිණෙන්නේ භාවනා කිරීම සදහායි. ශ්‍රී ලංකාවෙි විහාරස්ථානවලට වඩා විදේශීය රටවල පිහිටි බෞද්ධ විහාරස්ථාන එම භාවනා වැඩසටහන් පස්වරුවෙි සිදු කරනවා.

අපට වැළදෙන රෝග වලින් සියයට 50 ක් බුදු දහමට අනුව මනස දියුණු කර ගනිමින් තුරන් කළ හැකියි. බෞද්ධයන් නිර්මල බුදු දහම හැදෑරිය යුතුයි. දැඩි උනන්දුවකින් එය සිදු කළ යුතුයි. ථෙරවාදී බුදු දහම ස්ථාපිත රටවලින් බෞද්ධ ධර්ම ධූත සේවාව සිදු කළ හැකි භික්ෂූන් වහන්සේලා වැඩි වශයෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි. අනාගතයේ දී ශ්‍රී ලාංකිකයින්ට ලෝකයට දායාද කළ හැකි වැදගත්ම දෙය බුදු දහමයි. ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට විදේශීය භාෂා පුහුණුවක් ලබා දිය යුතුයි. සුඛෝපභෝගී ජීවිත ගත කරන ඇතැම් භික්ෂූන් වහන්සේලාට වඩා ගම්බද විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා විශාල සේවාවක් ඉටු කරනවා. එම විහාරස්ථානවල පවතින පවතින ප්‍රායෝගික ප්‍රශ්න විසදිය යුතුයි. එම විහාරස්ථානවල ගොඩනැගිලි ඉදිකර දීම රජයේ වගකීමක්. වර්තමානයේ අධ්‍යාපනයත් මුදලට ගොදුරු වී තිඛෙනවා. පෞද්ගලික පන්ති ඊට එක් හේතුවක්. පෞද්ගලික පන්ති සදහා පොස්ටර්, රූපවාහිනි දැන්වීම් අද වැඩි වෙලා. අධ්‍යාපනය ලබාදෙන ගුරුවරු නළු නිළියෝ වගේ වෙළෙද දැන්වීම්වල පෙනී සිටිනවා. හැබැයි දහම් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් කිසිදු මුදලක් අය නොකර සිදු කරන සේවාව අපි අගය කළ යුතුයි’

– නිපුන් ඒකනායක

3 views

4 Comments to “ටියුෂන් ගුරුවරු නළු නිළියන් වගේ වෙළද දැන්වීම්වල..”

  1. saradieal says:

    තමන්ගේ පුතාව හදාගන්න බැරි පියා දැන් අනුන්ට බන කියනවා

  2. love nature says:

    කකුලුවා ඇදට යන ගමන් දරුවන්ට කෙලින් යන්නට කීම

  3. saradieal says:

    හැමදාම කොටින්ට හිතවත් වූ රාජිත

  4. Boo says:

    Horaaaaaaa !

Main News