ටියුෂන් පන්තිවලදී දරුවන්ට යහපත් සිතුවිලි ඇති කර අධ්‍යාත්මය පුබුදුවන්න කාලයක් වෙන් කරන්නැයි ඉල්ලයි..

April 30, 2020 at 8:02 am | lanka C news
ටියුෂන් පන්තිවලදී දරුවන්ට යහපත් සිතුවිලි ඇති කර අධ්‍යාත්මය පුබුදුවන්න කාලයක් වෙන් කරන්නැයි ඉල්ලයි..

උපකාරක පන්ති යළි ඇරඹීමෙන් පසුල දෑහිතකාමී නව ගමන් මගකට දරුවන් යොමු කිරීම වැදගත් යයි අග‍්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සදහන් කරයි.

අදාල ලිපිය මෙසේය.

අමිත් පුස්සැල්ල මහතා,
සභාපති,
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය,
අංක 282/7,
හයිලෙවෙල් පාර,
නුගේගොඩ.

හිතවත් සභාපති තුමනි,
උපකාරක පන්ති යළි ඇරඹීමෙන් පසු, දෑහිතකාමී නව ගමන් මගකට දරුවන් යොමු කිරීම.

කොවිඞ් 19 ගෝලීය වසංගතයට සාර්ථකව මුහුණ දීමට, සිය පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දමමින් වුවද, දරුවන්ගේ අනාගත අධ්‍යාපන ඉලක්ක සපුරාලීමට වෙහෙසෙන, දිවයින පුරා සිටින සියලූ ම වෘත්තීය දේශකවරුන්ගේ කැපවීම ද මේ මොහොතේ බෙහෙවින් අගය කළ යුතුව ඇත.

මෙම ව්‍යයසනය ජය ගෙන, රට වේගවත් සංවර්ධනයකට ගෙනයාම අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග‍්‍රාමාත්‍යතුමන් ප‍්‍රමුඛ රජයේ අරමුණයි. රටක් ලෙස අපට නැගී සිටීමට නම්, රටට සැබැවින්ම ආදරය කරන දරු පරපුරක් සිටිය යුතුමය.

”ගුරුවරුන් යනු දෙවිවරුන් වැනිය” යන තේමාව යටතේ, මා ඔබට යෝජනා කරන්නේ ඉදිරියේදී ඔබ අධ්‍යාපන ආයතන ඇරඹුනු පසු, සෑම පන්ති වාරයකදී ම විනාඩි කිහිපයක් දරුවන්ගේ යහපත් සිතුවිලි පෝෂණය කර ඔවුන්ගේ අධ්‍යාත්මය පුබුදුවාලීමට සුදුසු කාලයක් වෙන් කරනා ලෙසය.

රටට දැයට වැඩදායී, යහපත් ගුණ ගරුක මිනිස් කමින් පෝෂිත දරු පරපුරක් අප විසින් අනාගත ලෝකයට නිර්මාණය කර දිය යුතුමය.

ඔබ සංගමය මගින් මේ සදහා වන ප‍්‍රතිපත්තිමය වැඩපිලිවෙලක් සකස් කර, එය කි‍්‍රයාවට නංවන්නේ නම් අනාගත දරු පරපුර වෙනුවෙන් බෙහෙවින් කෘත්‍යඥ වෙමි.

ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක් නිර්මාණය කරන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා..!

මෙයට,
හිතවත්,

කුමාරසිරි හෙට්ටිගේ
අග‍්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්

142 views

21 Comments to “ටියුෂන් පන්තිවලදී දරුවන්ට යහපත් සිතුවිලි ඇති කර අධ්‍යාත්මය පුබුදුවන්න කාලයක් වෙන් කරන්නැයි ඉල්ලයි..”

  1. lotus says:

    ළග එන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරත වන්නැයි බෞද්ධ සැදැහැවතුනට දැනුම් දෙන බව අතිඋතුම් උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කීහ.

  2. Maximum amount to be decided for the Private classes.

    We do not have money to pay one AL Class about 3,000 LKR for Physics only in the Gampaha Hall Class………….

    This amount to be reduced further and proposed amount should be maximum 500 LKR.

  3. sujith says:

    යකෝ මේ පන්සල් වල රිංගන් ඉන්න වහන්සේලා අපෙන් දානේ කකා අපිට නිස්කලන්කෙ ඉන්න දෙන්නේ නෑනේ.උදේ ඉදන් රෑ වෙනකන් කන් අඩි පැලෙන්න පිරිත් දානවා.මුස්ලිම් පල්ලි වලත් කරනවා.ඒත් උන් දවසට 5 වතාවක් දැම්මත් ඒ ටික කාලයකට විතරයි.මේ ගොන් වහන්සේලා උදේ පැය 1යි හවස පැය 1යි ගානේ දවසට පැය 2ක් අපේ කන් අඩි පුපුරවනවා.
    අනිත් ආගම් වලට පහර ගහ ගහ තමන්ගේම ආගමේ අයට පීඩා කරනවා මේ මෝඩ හාමුදුරුවරු.කං අඩි පැලෙන්න දැම්මම කොරෝන හොදවෙනවද?යකෝ වෙන කිසිම ආගමක මෙහෙම ශබ්ද දූශනයක් කරන්නේ නෑ.මුන්ට පන්සල් නැත්නම් හංදියේ කක්කුස්සියක හරි කමක් නෑ පීකරයක් එල්ලගන්න තියෙනවනම්.මේකෙ පොර ටෝක් දෙන, නමට ඉන්න බෞද්ධයන්ගෙන් මේ අහන්නේ?

    • Hiro says:

      Sujith විවිධ නම් වලින් පැමිණ ාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා නන

    • Thisera says:

      පිරිත් මගින් ජලයේ අනුක විවුහය පවා වෙනස් වන බව ජපන් පර්යේෂකයන් සොයා ගෙන ඇතිවාක් මෙන්ම අතීතයේ සිට එම ගුණය අපේ පැරැන්නන් භාවිතා කර තිබේ. එසේම පිරිත් වල පවතින ශබ්ද තරංග වල ශක්තිය ලෙඩ රෝග සුව කිරීමට, මනසේ තරංග වල සාම්‍ය බවක් ඇති කිරීමට මෙන්ම පරිසරයේ යහපත් වෙනස් කම් සිදු කිරීමටත් බලපායි.
      පිරිත් ඇසෙන විට ඉන්න බැරි කොටසකුත් ඇත. ඒ මල පෙරේතයන් සහ මිත්‍යා දුෂ්ටිකයන්ය.

      • Open mind says:

        භික්ෂූන් වහන්සේලා සිය මුඛයෙන් ඝන පිහිටුවා කරන සජ්ඣායනය ඵලදායී වූවාට cd/dvd වලින් ඇති කරන හඬ ගැන නම්………

    • 1234 says:

      වෙෙරය, තරහ, නොරිස්සීම තියෙන්නෙ කොහේද? අන්න ඒ තැන හොයා ගත්තනම් වටේටම වෙඩිතැබීම කරන්නෙ නැතිව සන්සුන් වෙන්න පුළුවන්.
      සුවපත් වේවා!

    • Critic says:

      Hey frog! Where did you come from? Tell us what’s your previous habitat? You seemed to have lived in a well or in a jungle.You cannot change the tradition of the country.You had better find another suitable habitat. The most suitable place for you is one of the Arab countries.

    • fass says:

      Mala perethayanta kohomath PIRITH ahanna be anga danwalu…”Sujith” yako dan Nanalath innawa sinhala nam walin Mohmmed Sujith wenna athi.

  4. 77 UNP says:

    දැන් ආණ්ඩුව ඉතාම දැඩි තීන්දුවක ඉන්නවා මලගිය 2015 පත්වුන පාර්ලිමේන්තුව ආපහු කැඳවන්නේ නැහැ කියල. එහෙම කැඳවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. මේ නිසා දෙකට බෙදිලා චන්දෙ ඉල්ලන මාතර දිස්තික්කයේ තමයි මහාම ගැටලුව ඇතිවෙලා තියෙන්නේ. ඊළඟ මැතිවරණෙන් UNP යේ ඉන්න පාදඩ බෙදුම්වාදී දේශ ද්‍රෝහියා වන මංගල අනිවාර්යෙන්ම ගෙදර බව සහතිකයි. 2019 ජනාධිපතිවරණෙන් ලැබුණ මහා ජය පැත්තක තිබුනත්, 2015 අද පොහොට්ටුව එදා පො.ජ.එ.පෙ. 5 සහ UNP 3 දිනාගත්තා. එදා පසුබෑම් මධයේ ලැබුණ චන්ද ප්‍රමාණය අනුවත් 2020 පොහොට්ටුව ආසන 5 සහ රනිල් පාර්ශවය 1 සජිත් පාර්ශවය 1 පමණයි ලබන්නේ. නමුත් අද මාතර දිස්තික්කයේ දුරකතනෙට ලැබෙන එකම එක ආසනේ ලැබෙන්නේ හැමදාම ප්‍රථමයා වන බුද්ධිකට මිස මංගලට නොවේ. ඒ නිසා වියුරු වැටිලා ඉන්න මංගලගේ කුලී ලියන්නෝ cnews එකේ මරාගෙන මැරෙන මට්ටමේ වියුරු ප්‍රහාරයක් අරඹලා කොරෝනා වලින් හෝ තමන්ගේ ස්වාමියා ගොඩදමන්න ලැබුණ නියෝගය අනුව වැඩ. පාර්ලිමේන්තුව කැඳවල රනිල්+සජිත් එකතුකරලා එක ලැයිස්තුවකින් තරඟ නොකලොත් ඉවරෙටම ඉවරයි.

    • Kadiya says:

      මෙතැනදී හොඳටම කුලප්පුවෙලා ඉන්න කණ්ඩායම් 3 ඉන්නවා. පළමු කණ්ඩායම තමයි මංගල වගේ සෘජුවම පරාජය අතේ තියාගෙන ඉන්න කණ්ඩායම. දෙවන කණ්ඩායම තමයි ජාතික ලයිස්තුවෙන් තේරෙන සංඛ්‍යාව අඩුවෙන නිසා මන්ත්‍රීකම් නොලැබේ යයි හිතන මේල් නර්ස් වැනි අය. තුන්වෙනි කණ්ඩායම තමයි අතිශයින් භයානක. ඒ සිංහල නම් තියන බෙදුම්වාදීන්ට සහය වෙමින් රටත් තමුන් ඉන්න පක්ෂෙත් විනාශය කරා ගෙනයන, ඉහත කණ්ඩායම් දෙකේ ඉන්න කාලකන්නින් පරාජය වෙනබව පෙනී වියුරු වැටුණ, සුමන්දිරම් වැනි බෙදුම්වාදීන්.

  5. kawinda says:

    upakaaraka panthi guraala tharuna O/L – A/L gehenu -pirimi lamayinta karana kunuharupa VIHILU nawaththanawa nam ithaama agaya karanawa. hithanna epa gehenu lamai enne ewa ahanan kithiyata newei. ewa e daruwo ahan inne pilikulen. yanna thenak nethi nisa guliwela innawa. me igennili nyaaya wenas karanna. jaathiya wenuwen larna me illimata kan denna. demal panthiwala guruwaru ehema kiyanne nehe.

  6. Samsn says:

    YouTube maghin siyalu padam

  7. Nana says:

    Friends at PM’s office trying to allow tution classes soon ? This is why Sri Lanka cannot be suucessful in anything.. Decisions are based on friendships, money etc.. Tution should not be started till its fully safe.. Specially mass classes.. Tution masters can conduct online classes if they wish.

    • මෙහි අදහස වනුයේ උපකාරක පන්ති යලි ඇරබු දිනෙක සිදුවිය යුතු වැඩපිළිවෙල සඳහා යහපත් යෝජනාවකි. ඒ නිසා මෙහි වටිනාකම තේරුම් ගෙන අදහස් ඉදිරිපත් කිරීම වැදගත් වේ..

    • Janaka vidyapathi says:

      මෙම වසංගත තත්වය පහව ගොස්,රට තුල ආරක්ෂාකාරී වටපිටාවක් ඇරඹුනු පසු, නැවත පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹේ..එවිට එහි ඉගෙනුම ලබන දරුවන් මව්බිම පිලිබඳ හැගීමක් සහිත, දෙමව්පියන්ට ගරු කරන, ගුණගරුක පිරිසක් බවට පත්කිරීමේ නව වැඩපිලිවෙලක් මේ අවස්ථාවේ සකස් කල යුතු බව කුමාරසිරි හෙට්ටිගේ අග්‍රාමාත්‍ය පාර්.කටයුතු සම්.ලේකම්තුමන් පෙන්වාදෙයි..එසේම, ප්‍රතාභාසම්පන්න උපකාරක පන්ති ගුරුවරුන්, වෘත්තී⁣ය දේශකවරුන් ලෙස ඔවුන්ගේ අනාගත යහපත උදෙසාද රජයේ අවධානය යොමු කිරීම සිදුකරනු ඇත. වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට, කිසිදු දේශපාලන භේදයකින් තොරව කුමාරසිරි හෙට්ටිගේ මහතා ඉදිරිපත් කරන මෙම උදාරතර සංකල්පයට සියලු දෙනා සහයෝගය දක්වන්න..එය රටට ඉතාම යහපත් සත්ක්‍රියාවකි.

    • Janaka Vidyapathi says:

      මෙම වසංගත තත්වය පහව ගොස්,රට තුල ආරක්ෂාකාරී වටපිටාවක් ඇරඹුනු පසු, නැවත පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹේ..එවිට එහි ඉගෙනුම ලබන දරුවන් මව්බිම පිලිබඳ හැගීමක් සහිත, දෙමව්පියන්ට ගරු කරන, ගුණගරුක පිරිසක් බවට පත්කිරීමේ නව වැඩපිලිවෙලක් මේ අවස්ථාවේ සකස් කල යුතු බව කුමාරසිරි හෙට්ටිගේ අග්‍රාමාත්‍ය පාර්.කටයුතු සම්.ලේකම්තුමන් පෙන්වාදෙයි..එසේම, ප්‍රතාභාසම්පන්න උපකාරක පන්ති ගුරුවරුන්, වෘත්තී⁣ය දේශකවරුන් ලෙස ඔවුන්ගේ අනාගත යහපත උදෙසාද රජයේ අවධානය යොමු කිරීම සිදුකරනු ඇත. වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට, කිසිදු දේශපාලන භේදයකින් තොරව කුමාරසිරි හෙට්ටිගේ මහතා ඉදිරිපත් කරන මෙම උදාරතර සංකල්පයට සියලු දෙනා සහයෝගය දක්වන්න..එය රටට ඉතාම යහපත් සත්ක්‍රියාවකි.

    • වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට, කිසිදු දේශපාලන භේදයකින් තොරව කුමාරසිරි හෙට්ටිගේ මහතා ඉදිරිපත් කරන මෙම උදාරතර සංකල්පයට සියලු දෙනා සහයෝගය දක්වන්න..එය රටට ඉතාම යහපත් සත්ක්‍රියාවකි.

  8. Kamal says:

    ඒ විතරක් නෙවි. සමස්ත රජ්‍ය සේවයටත් එහෙම පුහුනුවක් ඉක්මනින් අවශ්‍යෛ. විහිලු පුහුනු නෙවි. අර දිනේෂ් විහඟුන් Fernando සර් වගේ කෙනෙක් දවස දවස හරි ගෙනල්ල. සම්පුර්න පුහුනු දෙන්න ඕන. ඔහු තමයි ජ්‍යත්‍යන්තර මට්ටමින් අපට සිටින පුහුනුකරුව මොල හදන්න. කුමරසිරි මහත්තය මේ බව සලකන්න. රට ආපහු උඩට ගන්න.

  9. sarath says:

    පිරිත් ඇසෙන විට ඉන්න බැරි කොටසකුත් ඇත. ඒ මල පෙරේතයන්,කුම්භාන්ඩයින්, මුත් ඒ වාගේ. පිරිත් අහගන ඉන්නේකොට කොතතරම් සුවයක් දනේනේවද පිරිත් වල අර්ථ දන්නේ නැති උන් ඔහොම තමා

  10. sena says:

    රටකට ඇති හොදම සම්පත රටෙ දරු සම්පතයි
    දරුපරපුර ගැන හිතලා ටියුෂන් පන්තිවලදී දරුවන්ට යහපත් සිතුවිලි ඇති කර අධ්යාත්මය පුබුදුවන්න කාලයක් වෙන් කරන්නැයි ගත් තිරණයට මේ සිතිවිලි පහලවු සියලුම දෙනාටත් අග්රාමාත්ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මැතිතුමාට මේය ක්රියාත්මක කිරිමට යොධබල යොධවිර්ය ලැබෙවා මේ ලක්දෙරණේ වැඩසිටින දළදාවහන්සෙගෙත් ලෝකය පාලනයකරන තිස්තුන්කොටියක් දෙවිවරුන්ගෙත් අශිර්වාදයත් නිදුක් නිරොගි සුවඅප එක සිතින් ප්රාර්ථනා කරමු ලැබේවායි අප එක සිතින් ප්රාර්ථනා කරමු
    මේය රජයෙ පාසැල් හා විශ්වවිද්දියාලවලත් සියලුම පොද්ගලික පාඨශාලාවලත් ඇතිකරන්න
    හැම දරුවෙකුටම හොද ශරිරිර සොඛ්ය ඇතිකිරිමට පිහිනිම බයිසිකල් පැදිම වැනි වියායාම් රජයෙන් ඇතිකරන්න
    හැම දරුවෙකුටම මනස සදහාත් සංගිතයත් සංගිතයත භාණ්ඩයක් වාදනය කිරිමට අනිවාර්ය කරන්න
    අද රටෙ තත්වය අනුව හැම දරුවෙකුටම ආරක්ෂාව සදහාත් ආත්ම ආරක්ෂාක සටන්කාලාවක් පුහුනුකෙරුවොත් වටිනවා

Main News